Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 24 වැනි තරගය ලෙස දකුණු අපි‍්‍රකාව සහ අයර්ලන්තය අතර අද (3 වැනිදා) කැන්බරාහිදී පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 201 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අපි‍්‍රකාව සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 412 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත පිලට ඕවර 45 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 201 ක් පමණි.
ලකුණු 48 කට කඩුලූ 5 ක් දැවී අයර්ලන්ත පිල අසරණ තත්ත්වයකට පත්ව සිටි අවස්ථාවේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඇන්ඩි බල්බයිර්න් (58) සහ කෙවින් ඕ’බ‍්‍රයන් (48) සමත් වුවත් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන කී‍්‍රඩක කයිල් ඇබෝට් ලකුණු 21 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.
කාසියේ වාසි දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකාව ඕවර 50 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 411 ලබාගත්තේය.
අද දිනයේදී තම එක්දින කි‍්‍රකට් දිවියේ 20 වැනි ශතකය මෙන්ම ඉහළම ලකුණු සංඛ්‍යාව (159) රැස්කළ හෂීම් අම්ලා ඊට හයේ පහර 4 ක් සහ හතරේ පහර 16 ක් අන්තර්ගත කළේය. ඔහුගේ එම වාර්තාගත ඉනිමට පන්දු 128 ක් වැය විය.
හෂීම් අම්ලා සමග එක්ව දකුණු අපි‍්‍රකානු පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 217 කදී ලකුණු 247 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෆෆ් ඩුප්ලෙසී, පන්දු 109 දී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 109 ක් රැස්කළේය. මෙය ඩුප්ලෙසීගේ සිව්වැනි ශතකයයි.
පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 110 ක වේගවත් නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ඬේවිඞ් මිලර් (නොදැවී 46) සහ රිලී රූස්සොව් (නොදැවී 61), දකුණු අපි‍්‍රකානු පිලේ ලකුණු සංඛ්‍යාව 400 සීමාව කරා ඔසවා තැබූහ.
පන්දු 30 කදී වාර්තා වූ රිලී රූස්සොව්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 23 කදී වාර්තා වූ ඬේවිඞ් මිලර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
දකුණු අපි‍්‍රකාව - ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී 411
(හෂීම් අම්ලා 159, ෆෆ් ඩුප්ලෙසී 109, ඒ. බී. ඩිවිලියස් 24, ඬේවිඞ් මිලර් නොදැවී 46, රිලී රූස්සොව් නොදැවී 61, ඇන්ඩි මැක්බ‍්‍රයන් 63/2)
අයර්ලන්තය - ඕවර 45 කදී සියලූ දෙනා දැවී 210
(නීල් ඕ’බ‍්‍රයන් 14, ඇන්ඩි බල්බයිර්න් 58, කෙවින් ඕ’බ‍්‍රයන් 48, ජෝජ් ඩොක්රෝල් 25, මැක්ස් සොරෙන්සන් 22, කයිල් ඇබෝට් 21/4, මෝනි මෝකල් 34/3, ඬේල් ස්ටේන් 39/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.