Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිමුත්ට ක්‍රිකට් ආයතනයෙනුත් පරීක්‍ෂණයක්

දිමුත්ට ක්‍රිකට් ආයතනයෙනුත් පරීක්‍ෂණයක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් ඇප මත අද (31) පෙරවරුවේ නිදහස් කළ ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

දිමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක්‍රීඩකයකු වන බැවින් ගිවිසුමේ ප්‍රතිපාදන අනුව පරීක්‍ෂණය පවත්වන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අද පැවසීය.

දිමුත්, බීමත්ව රිය පැදවීම හෝ බීමත්ව රිය පදවා අනතුරක් කළ බවට වරදකරු වුවහොත් ඔහු සම්බන්ධයෙන් විනය පියවර ගැනීමේ අවස්ථාව ක්‍රිකට් ආයතනයට ඇති බව එහි උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.


අදහස් (0)

දිමුත්ට ක්‍රිකට් ආයතනයෙනුත් පරීක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.