Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අපි‍්‍රකානු පිලට කඩුලූ 6 ක ජයක්

දකුණු අපි‍්‍රකානු පිලට කඩුලූ 6 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ නවසීලන්ත පිල අතර ඊයේ (20 වැනිදා) නවසීලන්යේ බේ  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට දකුණු අපි‍්‍රකානු පිල සමත්විය.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුහු සමත්වූහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය දකුණු අපි‍්‍රකානු පිල කඩුලූ 4 ක් පමණක් දැවී, පන්දු 11 ක් ඉතිරිය තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.

නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කරමින් පන්දු 85 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු 89 ක් රැස්කළ ඒ. බී. ඩිවිලියස් තරගයේ වීරයා බවට පත්විය.

ජේ. පී. ඩුමිනි (නොදැවී 58) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 140 කදී ලකුණු 139 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමටද ඩිවිලියස් සමත්විය.

පන්දු 72 කදී වාර්තාවූ ඩුමිනිගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල  ඕවර 45.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 230 ක් රැස්කළේය.

නවසීලන්ත ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ ලූක් රොන්චි ලකුණු 99 ක් රැස්කරගෙන සිටියදී ඬේල් ස්ටේන්ගේ පන්දුවක් හමුවේ ඉතා අවසනාවන්ත ලෙස ශතකය පෙනි පෙනී දැවී ගියේය.

පන්දු 83 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් අන්තර්ගත විය.

ඉම්රාන් තාහීර්, වර්නන් පිලෙන්දර්, මෝර්නි මෝකල් සහ රයන් මැක්ලරන් දකුණු අපි‍්‍රකානු පිල වෙනුවෙන් කඩුලූ 2 බැගින් දවාගැනීම සමත්වූහ.

නවසීලන්ත පිල -  ඕවර 45.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 230
(ජිම් නීෂම් 16, ඞීන් බ‍්‍රවුන්ලි 24, බ්‍රෙන්ඩන් මැකලම් 16, ටොම් ලේතම් 29, ලූක් රොන්චි 99, ටෙ‍්‍රන්ට් බෝල්ට් 21, ඉම්රාන් තාහීර් 37/2, වර්නන් පිලෙන්දර් 38/2, මෝර්නි මෝකල් 38/2, රයන් මැක්ලරන් 59/2)

කුණු අපි‍්‍රකානු පිල -  ඕවර 48.1 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 236
(හෂීම් අම්ලා 38, රිලී රොස්සෝව් 26, ඒ. බී. ඩිවිලියස් නොදැවී 89, ජේ. පී. ඩුමිනි නොදැවී 58, ටෙ‍්‍රන්ට් බෝල්ට් 40/2)

036


අදහස් (0)

දකුණු අපි‍්‍රකානු පිලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.