Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ නවසීලන්ත පිල අතර නවසීලන්යේදී පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට දකුණු අපි‍්‍රකානු පිල සමත්විය.
දෙරට අතර සේඩන් පාර්ක් කී‍්‍රඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවිය.
වර්ෂාව නිසා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිට දකුණු අපි‍්‍රකානු පිල ඕවර 30.4 ක් අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියේය.
දකුණු අපි‍්‍රකානු පිලේ ආරම්භක පිතිකරු කොන්ටම් ඩි කොක්, පන්දු 94 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 80 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදීසිටියේය.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අපි‍්‍රකානු පිලට ආරාධනා කර සිටියේය.
දකුණු අපි‍්‍රකානු පිල - ඕවර 30.4 කදී කඩුලූ 3 ක් දැවී 157
(කොන්ටම් ඩි කොක් නොදැවී 80, ඬේවිඞ් මිලර් 17, ඒ. බී. ඩිවිලියස් නොදැවී 33, මැට් හෙන්රි 40/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.