Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් සටනට
කාන්තා ලෝක කුසලාන

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් සටනට

editorial - 2024 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ, කාන්තා විස්සයි-20 ලෝකු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ඕවර 17.2 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කයක් සපුරාගත්හ. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඇනේක් බොස්ච් පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 74 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය. 

ආරම්භක පිතිකාරිණී ටස්මින් බි්‍රට්ස් ලකුණු 15 කට දැවී ගියද, නායිකායා ලෝරා වුල්වාඩ්ට් (42) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 96 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ ඇනේක් බොස්ච් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවාය. පන්දු 37 කදී වාර්තා වූ වුල්වාඩ්ට්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 134 ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියානු කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ බෙත් මූනි පන්දු 42 කින් ලකුණු 44 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. 

ලකුණු 18 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී නායිකා ටාලියා මැග්‍රාත් (27) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 50 සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කාන්තා ඉනිම ගොඩනැගීමටද බෙත් මූනි සමත් වූවාය. පන්දු 33 කදී වාර්තා වූ ටාලියාගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. 

ඕස්ට්‍රේලියානු කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 134 
(බෙත් මූනී 44, ටාලියා මැග්‍රාත් 27, එලීස් පේරි 31, පොයෙබ් ලිට්ච්ෆීල්ඩ් නොදැවී 16, අයබොන්ගා ඛාකා 24/2) 

දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 17.2 කදී කඩුලු 2 කට 135  
(ලෝරා වුල්වාරඩ්ට් 42, ටස්මින් බි්‍රට්ස් 15, ඇනේක් බොස්ච් නොදැවී 74) 

 


අදහස් (0)

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.