Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ හිතුවක්කාර පිතිහරඹය මෙල්ල කළ දකුණු අප්‍රිකානුවෝ ලෝඩ්ස් පිටියේදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (සිකුරාදා) එංගලන්තය පරාජය කරමින් ඉනිමක සහ ලකුණු 12 ක පහසු ජයක් අත්කර ගත්හ. එංගලන්ත මුල් ඉනිම ලකුණු 165 කට සීමාකළ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ දෙවැනි ඉනිමේදී එංගලන්ත පිතිකරුවන්ට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 149 ක් පමණි.
අද දහවල් ලබාගත් ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූයේය. එංගලන්ත දෙවැනි ඉනිමේදී කඩුලු 10 ක් දවාගැනීමට දකුණු අප්‍රිකානුවන් යැවූයේ ඕවර 37.4 කි.
පන්දු 10 ක් ඇතුළතදී ජොනී බෙයාර්ස්ටෝ (18), ඇලෙක්ස් ලීස් (35) සහ බෙන් ෆෝක්ස් (0) දවාගත් වේග පන්දු යවන ඇන්රික් නෝයේ එංගලන්ත විනාශයට පාර කැපීය. එතැන් සිට කගීසෝ රබාඩා (27/2), මාකෝ ජැන්සන් (13/2) සහ කේෂව් මහාරාජ් (35/2) තිදෙනා එංගලන්ත පිතිකරුවන්ගේ ගෙල සිරකළහ.
එංගලන්තයේ හිතුවක්කාර පිතිහරඹය තවදුරටත් අනුගමනය කළ නායක බෙන් ස්ටෝක්ස් (20) සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් (35) දෙදෙනා පන්දු 45 කින් ලකුණු 55 ක් එක්කළද එංගලන්ත පිලට එයින් ඇතිවූ සෙතක් නොවීය.
එංගලන්ත මුල් ඉනිම ලකුණු 165 කට සීමාකළ දකුණු අප්‍රිකානුවෝ තමන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 326 ක් ලබාගනිමින් ලකුණු 161 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්හ.
එංගලන්තය - පළමු ඉනිම 165 යි
දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 326 යි
(ඩීන් එල්ගා 47, සරෙල් අර්වී 73, කීගන් පීටර්සන් 24, ඒඩ්න් මාක්රම් 16, රාසි වැන්ඩර්ඩසන් 19, මාකෝ ජැන්සන් 48, කේෂව් මහාරාජ් 41, ඇන්රික් නෝයේ නොදැවී 28, ස්ටුවර්ට් බ්‍රෝඩ් 71/3, මැතිව් පොට්ස් 79/2, බෙන් ස්ටෝක්ස් 71/3)
එංගලන්තය - දෙවැනි ඉනිම 149 යි
(ඇලෙක්ස් ලීස් 35, සැක් ක්‍රෝලි 13, ජොනී බෙයාර්ස්ටෝ 18, බෙන් ස්ටෝක්ස් 20, ස්ටුවර්ට් බ්‍රෝඩ් 35, කගීසෝ රබාඩා 27/2, මාකෝ ජැන්සන් 13/2, කේෂව් මහාරාජ් 35/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.