Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකාවට ලකුණු 32 ක ජයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 32 ක ජයක්

editorial - 2022 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර ඩනෙඩින්හි පැවැති කාන්තා ලෝක කුසලාන තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ලකුණු 32 ක පහසු ජයක් අත්කර ගත්හ.

දකුණු අප්‍රිකානු පිතිකාරිනි ලෝරා වූල්වර්ත්ගේ සාර්ථක පිතිහරඹයෙන් පසුව ලකුණු 119 වන විට කඩුලු 5 ක් බිඳ වැටී තිබිණ. මේරිසෑන් කැප් (42) සහ කෝල් ට්‍රියෝන් (39) එක්ව ලකුණු සංඛ්‍යාව 190 දක්වා එසවු නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අවසන් කඩුලු 5 ම ලකුණු 17 කට බිඳ වැටුණේ බංග්ලාදේශයේ ඉලක්කය 208 ක් කරමිනි.

බංග්ලාදේශ ආරම්භක පිතිකාරිනියන් වූ ෂාමිනා සුල්තානා (27) සහ ශර්මින් අක්තාර් (34) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැංවූවද ලකුණු 106 ක් ඇතුළත කණ්ඩායම එහෙම පිටින්ම දැවී ගියේය.

 

දකුණු අප්‍රිකාව - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 207 යි
(ලෝරා වූල්වර්ත් 41, ලාරා ගුඩාල් 12, සූන් ලූස් 25, මිග්නොන් ඩු’ප්‍රීස් 18, මේරිසෑන් කැප් 42, කෝල් ට්‍රියෝන් 39, ජහනාරා අලාම් 28/2, ෆරියා ට්‍රිස්නා 35/3, රිටූ මෝනි 36/2)

බංග්ලාදේශය - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 175 යි
(ෂාමිනා සුල්තානා 27, ශර්මින් අක්තාර් 34, රුමානා අහමඩ් 21, නිගාර් සුල්තානා 29, රිටූ මෝනි 27, අයබොන්ගා කාකා 32/4, මසාබාටා ක්ලාස් 36/2)

- 213

 


අදහස් (0)

දකුණු අප්‍රිකාවට ලකුණු 32 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.