Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ (22 වැනිදා) සමත් විය. කෙසේ වුවත් මුල් තරග 2 ජයගෙන තිබීම හේතුවෙන් දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ජය 2-1 ක් ලෙස ඇෆ්ඝනිස්ථානයට හිමිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවෝ ඕවර 33 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ. පන්දු 67 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 69 ක් රැස්කළ ඒඩ්න් මාක්‍රම් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානයට ඕවර 34 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 169 ක් පමණි. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 94 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 89 ක් රැස්කළේය.
ඇෆ්ඝනිස්ථානය - ඕවර 34 කදී සියලු දෙනා දැවී 169
(රහ්මනුල්ලා ගුර්බාස් 89, අල්ලා ඝසන්ෆර් නොදැවී 31, ඇන්ඩිල් පෙලුක්වායෝ 17/2, න්කාබා පීටර් 22/2, ලුංගි න්ගිඩි 22/2)
දකුණු අප්‍රිකාව - ඕවර 33 කදී කඩුලු 3 ක් දැවී 170
(ටෝනි ඩි’ සෝර්සි 26, ටෙම්බා බවුමා 22, රීසා හෙන්ඩි්‍රක්ස් 18, ඒඩ්න් මාක්‍රම් නොදැවී 69, ටි්‍රස්ටන් ස්ටබ්ස් නොදැවී 26)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.