Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප‍්‍රිකාව තෙවැනි ජයත් ලබයි

දකුණු අප‍්‍රිකාව තෙවැනි ජයත් ලබයි

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊස්ට් ලන්ඩන්හිදී අද (21) පැවැති තෙවැනි එක්දින තරගයෙන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක පහසු ජයක් ලැබූහ.

දකුණු අප‍්‍රිකාව මෙම ජයග‍්‍රහණයත් සමග තරග දෙකක් ඉතිරිව තිබියදී 3-0 ක් ලෙස තරගාවලියේ ජයග‍්‍රහණය ද හිමිකර ගත්තේය.

දකුණු අප‍්‍රිකානු පිල ලකුණු 123 ක ඉලක්කය  ඕවර 24.4 කදී එක කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

එහිදී හෂීම් අම්ලා (නොදැවී 61) සහ ෆෆ් ඩූ ප්ලීසිස් (නොදැවී 51) අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.   

පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් මාලන් සැමුවෙල්ස් ලකුණු 26 ක් රැස් කළේය.

නායක ජේසන් හෝල්ඩර් (නොදැවී 17) සහ සුලෙයිමන් බෙන් (18) අවසන් කඩුල්ලට ලකුණු 26 ක සම්බන්ධතාවක් පැවැත්වීම නිසා ලකුණු 100 පසු කිරීමේ අවස්ථාව උදාවිය.  

කොදෙව් පිලේ පළමු කඩුලූ පහ ලකුණු 52 කට බිද වැටුණු අතර මාලන් සැමුවෙල්ස් සහ ජොනතන් කාටර් හයවැනි කඩුල්ලට ලකුණු 31 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

කොදෙව් පිලේ සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් පන්දු 5 කදී ලකුණක් ලබා දැවී ගියේය.

ඉම්රාන් තාහිර් (28/4), වර්නන් පිලෙන්ඩර් (27/3) සහ ඬේන් ස්ටෙයින් (21/2)  පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූහ.

බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 33.4 කදී සියලූ දෙනා දැවී 122
(මාලන් සැමුවෙල්ස් 26, ජොනතන් කාටර් 18, ඇන්ද්‍රි රසල් 16, ජේසන් හෝල්ඩර් නොදැවී 17, සුලෙයිමන් බෙන් 18, වර්නන් පිලෙන්ඩර් 27/3, ඬේන් ස්ටෙයින් 21/2, ඉම්රාන් තාහිර් 28/4)

දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 24.4 කදී කඩුලූ 1 ට 124
(හෂීම් අම්ලා නොදැවී 61, ෆෆ් ඩූ ප්ලීසිස් නොදැවී 51)

048


අදහස් (0)

දකුණු අප‍්‍රිකාව තෙවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.