Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයේදී මේ මස 14 වැනිදා ආරම්භ වන 11 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල ක‍්‍රයිස්චර්ච්හිදී අද (09) සහභාගි වූ පළමු පුහුණු තරගයේදී දකුණු අප‍්‍රිකාව හමුවේ කඩුලූ 5 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) පරාජයට පත්විය.
තරගයට වර්ෂාවෙන් බාධා නොපැමිණියේ නම් තරගයේ ප‍්‍රතිඵලය මීට වඩා වෙනස් විමට ඉඩ තිබුණි.
තරගයට අවස්ථා කීපයකදී වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා දකුණු අප‍්‍රිකානු පිලට ජයග‍්‍රහණය සදහා ඕවර 25 කදී ලකුණු 188 ක් ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය. දකුණු අප‍්‍රිකානු පිතිකරුවෝ එම ඉලක්කය ඕවර 24.3 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරු යුගළ වූ හෂීම් අම්ලා (46) සහ කුවිටන් ඞී කොක් (66) පන්දු 91 කදී පළමු කඩුල්ලට ගොඩනැගූ ලකුණු 116 ක වේගවත් සම්බන්ධතාව ජයග‍්‍රහණයට අඩිතාලම බවට පත්විය.
මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප‍්‍රහාරයකට ලක්වූ ආකාරය දැකගත හැකිවිය. ශල්‍යකර්මයකට ලක්ව මාස කීපයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටි ලසිත් මාලිංග මෙම තරගයේදී නැවතත් පන්දු යැවීම ආරම්භ කළේය. එහිදී මාලිංග ඕවර 4.3 ක් යවා ලකුණු 33 කට කඩුල්ලක් දවා ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තිලරත්න ඩිල්ෂාන් පන්දු 83 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 100 ක් රැස්කිරීමට සමත් විය.
නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 49 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 58 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා ඉනිමේ 45 වැනි ඕවරයේදී වර්ෂාව ඇද හැලීම හේතුවෙන් ලකුණු 279 ක් රැස්කර සිටියදී ඉනිම අවසන් විය.
ශ්‍රී ලංකා පිලේ ජෙෂ්ඨතම පිතිකරු වන මහේල ජයවර්ධන පන්දුවට පහර දීමට පිටියට පැමිණියේ නැත.
ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි පුහුණු තරගය අනිද්දා (11) සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වේ.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව
ළහිරු තිරිමාන්න - ඇ. කුවිටන් ඞී කොක් ප. වර්නන් පිලෙන්ඩර් 1
තිලකරත්න ඩිල්ෂාන් - ඇ. රිලි රොසොව් ප. කයිල් ඇබොට් 100
කුමාර් සංගක්කාර - ඇ. හෂීම් අම්ලා ප. ඉම්රාන් තාහිර් 31
දිමුත් කරුණාරත්න - ඇ. ඬේවිල් මිලර් ප. වේන් පර්නෙල් 46
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. කුවිටන් ඞී කොක් ප. කයිල් ඇබොට් 58
දිනේෂ් චන්දිමාල් - ක. මූ. කළා ප. වේන් පර්නෙල් 5
ජීවන් මෙන්ඩිස් - නොදැවී 15
තිසර පෙරේරා - ඇ. කුවිටන් ඞී කොක් ප. කයිල් ඇබොට් 4
අතිරේක 19
එකතුව ඕවර 44.4 කදී කඩුලූ 7 ක් දැවී 279
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
රංගන හේරත්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, මහේල ජයවර්ධන, නුවන් කුලසේකර, ධම්මික ප‍්‍රසාද්, සචිත‍්‍ර සේනානායක
කඩුලූ වැටීම:
1-1(ළහිරු තිරිමාන්න), 2-77(කුමාර් සංගක්කාර), 3-151(තිලකරත්න ඩිල්ෂාන්), 4-211(දිමුත් කරුණාරත්න), 5-230(දිනේෂ් චන්දිමාල්), 6-275(ඇන්ජලෝ මැතිව්ස්), 7-279(තිසර පෙරේරා)
පන්දු යැවීම:
ඬේන් ස්ටෙයින්: 7-0-40-0, වර්නන් පිලෙන්ඩර්: 5-1-24-1, කයිල් ඇබොට්: 6.4-0-37-1, මොනේ මොර්කල්: 8-0-40-0, වේන් පර්නෙල්: 7-0-44-2, ඉම්රාන් තාහිර්: 6-0-46-1, ෆර්හාන් බිහර්ඞීන්: 2-0-20-0, ජේ. පී. ඩුමිනි: 3-0-20-0
දකුණු අප‍්‍රිකාව
හෂීම් අම්ලා - ප. රංගන හේරත් 46
කුවිටන් ඞී කොක් - ඇ. දිමුත් කරුණාරත්න ප. රංගන හේරත් 66
ජේ. පී. ඩුමිනි - ස්ටම්ප් දිනේෂ් චන්දිමාල් ප. රංගන හේරත් 17
ෆෆ් ඩූ ප්ලීසිස් - ඇ. නුවන් කුලසේකර ප. ලසිත් මාලිංග 19
ඬේවිඞ් මිලර් - ප. නුවන් කුලසේකර 4
රිලි රොසොව් - නොදැවී 16
වර්නන් පිලෙන්ඩර් - නොදැවී 13
අතිරේක 7
එකතුව ඕවර 24.3 කදී කඩුලූ 5 ක් දැවී 188
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
වේන් පර්නෙල්, ඬේන් ස්ටෙයින්, ඉම්රාන් තාහිර්, මොනේ මොර්කල්, ඒරන් පන්ගිසෝ, ෆර්හාන් බිහර්ඞීන්, කයිල් ඇබොට්
කඩුලූ වැටීම:
1-116(කුවිටන් ඞී කොක්), 2-119(හෂිම් අම්ලා), 3-142(ජේ. පී. ඩුමිනි), 4-147(ඬේවිඞ් මිලර්), 5-167(ෆෆ් ඩූ ප්ලීසිස්)
පන්දු යැවීම:
ලසිත් මාලිංග: 4.3-0-33-1, සුරංග ලක්මාල්: 5-0-36-0, සචිත‍්‍ර සේනානායක: 5-0-47-0, තිසර පෙරේරා: 3-0-30-0, රංගන හේරත්: 5-0-22-3, නුවන් කුලසේකර: 2-0-18-1
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.