Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප‍්‍රිකාව සිවුවැනි ජය ලබයි

දකුණු අප‍්‍රිකාව සිවුවැනි ජය ලබයි

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 36 වැනි තරගය ලෙස දකුණු අප‍්‍රිකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර වෙලින්ටන්හිදී අද පැවති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල ලකුණු 146 කින් ජය ලැබීය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 342 ක දැවැන්ත ඉලක්කය හඹාගිය එක්සත් අරාබි පිල  ඕවර  ඕවර 47.3 කදී ලකුණු 195 කට සීමා විය.

ස්වප්නිල් පවෙල් පන්දු 100 කදී හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 57 ක් රැස් කළේය.

පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිලේ ෆර්හාන් බිහර්ඞීන් අවසන්  ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 31 කට හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 64 ක් රැස්කරමින් ලකුණු 341 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.  

නායක ඒ. බී. ඩිවිලියස් නැවතත් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 82 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 99 ක් රැුස්රමින් දැවී ගියේය.

එක්සත් අරාබි පිලේ නායක මොහොමඞ් තාකූර් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පන්දුවට පහර දීමට දකුණු අප‍්‍රිකාවට ආරාධනා කළේය.

දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 50 යේදී කඩුලූ 6 ට 341
(හෂීම් අම්ලා 12, කුවින්ටන් ඞී කොක් 26, රිලී රොසොවො 43, ඒ. බී. ඩිවිලියස් 99, ඬේවිඞ් මිලර් 49, ෆර්හාන් බිහාර්ඩීන් නොදැවී 64, මොහොමඞ් නවීඞ් 63/3)

එක්සක් අරාබි එමිර් රාජ්‍ය පිල  ඕවර 47.3 කදී සියලූ දෙනා දැවී 195
(අම්ජාඞ් අලී 21, ශායිමන් අන්වර් 39, ස්වප්නිල් පවෙල් 57, මොහොමඞ් නවීඞ් 17, මොනේ මොර්කල් 23/2, , වර්නන් පිලෙන්ඩර් 34/2, ඒ. බී. ඩිවිලියස් 15/2)

048  


අදහස් (0)

දකුණු අප‍්‍රිකාව සිවුවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.