Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විවාදයට ලක්ව තිබෙන දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ පරිපාලනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ද සහභාගිත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී හෙට (22) පැවැත්වීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එහි පරිපාලනය සඳහා දකුණු පළාතට අයත් ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනම නියෝජනය වන පරිදි සය දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කළේය. එම කමිටුවේ සභාපතිවරයා ලෙස ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ විධායක කමිටු සමාජික කුමාර හැළඹගේ මහතා නම් කර තිබේ.
කෙසේ වෙතත් එම කමිටුවට මේ දක්වා එහි පරිපාලනය ආරම්භ කිරීමට අවස්ථාව ලැබී නොමැති අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටි දකුණු පළාත් ක්‍රිකට් සංගම් කාර්යාලය හෝ මෙතෙක් ලැබී නැත.
මෙම විශේෂ සාකච්ඡාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසිබලධාරී චූලානන්ද පෙරේරා මහතා, ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සහ නව පරිපාලන කමිටුවේ නිලධාරීන් සහභාගි වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.