Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල - කැන්ඩි පළමු කඩුල්ල පනිති

දඹුල්ල - කැන්ඩි පළමු කඩුල්ල පනිති

editorial - 2023 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එල්.පී.එල්. තරගාවලියේ තරග 18 ක් නිමාවේදී දඹුල්ල අවුරා සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලබා සිටිති. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින දඹුල්ල අවුරා කණ්ඩායම ප්‍රසාද ලකුණු 10 ක් ද, බී-ලව් කැන්ඩි කණ්ඩායම ප්‍රසාද ලකුණු 8 ක් ද සමගින් පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා සිටිති.
 

මූලික වටය සඳහා තවත් ඉතිරිව ඇත්තේ තරග දෙකක් පමණි.

අද (14 වැනිදා) පැවැත්වෙන දඹුල්ල අවුරා සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම් අතර තරගයෙන් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ අත්කරගන්නා කවුරුන්ද යන්න තීරණය වනු ඇත. මේ වන විට ප්‍රසාද ලකුණු 6 ක් බැගින් ලබාසිටින ගෝල් ටයිටන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර හෙට (15 වැනිදා) පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන්ට ප්‍රසාද ලකුණු 8 ක් ලබාගත හැකි බැවින් පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ඔවුනට තිබේ.

දෙවතාවක්ම එල්.පී.එල්. කුසලාන දිනාගත් ජැෆ්නා කිංග්ස් පිලේ තරග සියල්ලම අවසන් වී ඇතත් ඔවුන් සතුව ඇත්තේ ප්‍රසාද ලකුණු 6 කි. මෙම තත්ත්වය අනුව, තරගාවලියෙන් ඉවතට විසිවීමේ වැඩිම අවදානමට ලක්ව සිටින්නේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් 4 පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසෙනු ඇත. ප්‍රසාද ලකුණු සමවන අවස්ථාවකදී ශුද්ධ ලකුණු වේගය මත ඉදිරියෙන් සිටින කණ්ඩායම තෝරා ගැණෙනු ඇත.

- 213


අදහස් (0)

දඹුල්ල - කැන්ඩි පළමු කඩුල්ල පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.