Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දඹුල්ල සහ යාපනය කණ්ඩායම් අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) ආරම්භ වූ නැෂනල සුපර් ලීග් තරගාවලියේ 10 වැනි තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.
ඒ වනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි දඹුල්ල පිල කඩුලු 2 කට ලකුණු 159 ක් රැස්කර සිටියේය.
ලසිත් අබේරත්න ලකුණු 60 ක් සහ මිනෝද් භානුක ලකුණු 50 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ඒ අනුව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 95 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද ගොඩනැගීමට ලසිත් අබේරත්න සහ මිනෝද් භානුක සමත්වූහ.
කාසියේ වාසිය දිනාගත් යාපනය පිල පළමුව පන්දුවට පහරදීම සඳහා දඹුල්ල පිලට ආරාධනා කළේය.
දඹුල්ල පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 159
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 24, ලසිත් අබේරත්න නොදැවී 60, මිනෝද් භානුක නොදැවී 52, නුවන් ප්‍රදීප් 38/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.