Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල ක්‍රීඩකයෝ පළමු ජය සොයා යති
එන්.එස්.එල් - 2025

දඹුල්ල ක්‍රීඩකයෝ පළමු ජය සොයා යති

editorial - 2025 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පිට පිටම තරග දෙකකදී කඩුලු 20 ක් දවාගෙන සිටින අකිල ධනංජයගේ දස්කම් නිසා කොළඹ පිතිකරුවන් අමාරුවේ දැමූ දඹුල්ල ක්‍රීඩකයෝ 2025 ජාතික සුපර් ලීග් (පළමු පෙළ) තරගාවලියේ පළමු ජය සොයා යමින් සිටිති. රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ තුන්වැනි දිනය වූ අද (29 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන  විට සිය දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දෙමින් සිටි කොළඹ පිතිකරුවෝ කඩුලු 7 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියහ. 

දඹුල්ල පිල වෙනුවෙන් මුල් ඉනිමේදී කඩුලු 3 ක් දවාගත් අකිල ධනංජය දෙවැනි ඉනිමේදී ලකුණු 99 කට කඩුලු 5 ක් දවාගෙන සිටියේය. පසුගිය සතියේදී ගාල්ල පිලට එරෙහිව පැවැති තරගය ජයගත නොහැකි වූ නමුත් අකිල ධනංජය එම තරගයේදී ලකුණු 163 කට (83/7 සහ 80/5) කඩුලු 12 ක් දවාගත්තේය. 

තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබෙන අතර කොළඹ පිල සතුව ඇත්තේ ලකුණු 121 ක වාසියක් පමණි. ඔවුන්ට ඉතිරිව ඇති එකම සැනසීම වන්නේ කුසල් මෙන්ඩිස් (නොදැවී 86) තවමත් පිටියේ රැඳී සිටීමයි. මුල් ඉනිමේදීත් ශතකයක් ලබාගත් මෙන්ඩිස් නැවතත් ලකුණු අතරට පැමිණ සිටීම පන්දු යවන්නන්ට නම් කිසිසේත්ම හොඳ ආරංචියක් නොවේ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම ලකුණු 300 ක් ලබාගත්තද, නායක ධනංජය ද සිල්වා (142) සහ පවන් රත්නායක (163) එක්ව දඹුල්ල පිල ලකුණු 400 ක් දක්වා කැඳවාගෙන ගියහ. ටෙස්ට් කණ්ඩායමේ දොරට තට්ටු කරමින් සිටින පවන් රත්නායක පන්දු 255 කට මුහුණ දෙමින් ලකුණු 163 ක් ලබාගත්තේ හතරේ පහර 22 කින් සිය ඉනිම සරසමිනි. 


කොළඹ - පළමු ඉනිම 300 යි
(අවිශ්ක ප්‍රනාන්දු 11, අසිත වන්නිනායක 38, ධනංජය ලක්ෂාන් 12, චරිත් අසලංක 43, කුසල් මෙන්ඩිස් 119, ළහිරු මධුශංක 43, ප්‍රමෝද් මධුශාන් 11, මොහොමඩ් ෂිරාස් 48/2, දුලාජ් සමුදිත 70/3, අකිල ධනංජය 91/3)

දඹුල්ල - පළමු ඉනිම 400 යි
(ලසිත් කෲස්පුල්ලේ 11, රොන් චන්ද්‍රගුප්ත 13, ධනංජය ද සිල්වා 142, පවන් රත්නායක 163, සොනාල් දිනූෂ 19, විශාද් රන්දික 12, අකිල ධනංජය 20, කසුන් රාජිත 97/2, ප්‍රමෝද් මධුශාන් 103/4, ධනංජය ලක්ෂාන් 09/4)

කොළඹ - දෙවැනි ඉනිම කඩුලු 7 ට 221 යි
(නවෝද් පරණවිතාන 32, අසිත වන්නිනායක 20, ධනංජය ලක්ෂාන් 25, කුසල් මෙන්ඩිස් නොදැවී 86, කවීන් බණ්ඩාර 44, මොහොමඩ් ශිරාස් 36/2, අකිල ධනංජය 99/5)


අදහස් (0)

දඹුල්ල ක්‍රීඩකයෝ පළමු ජය සොයා යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.