Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරග පාවාදීම සඳහා ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි සැකපිට දඹුල්ල කණ්ඩායමේ සම හිමිකරුවකු අත්ඩංගුවට ගැනීමත් සමග සති කිහිපයකින් කල් දැමීමට යෝජනා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පෙර සැලසුම් කර පරිදිම පැවැත්වීමට පියවර ගන්නා බව එහි සංවිධායකයන් වන අයි.පී.ජී. සමාගම නිවේදනය කරයි.
හිමිකරු අත්තඩංගුවට ගැනීමත් සමග ඔහුගේ දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය අත්හිටුවීමට කටයුතු කළ අයි.පී.ජී. සමාගම, එදිරි දින කිහිපය තුළදී නව හිමිකරුවකුගේ හිමිකාරීත්වය යටතේ දඹුල්ල කණ්ඩායම එල්.පී.එල්. තරගාවලිය සඳහා සහභාගි කරවීම සඳහා කටයුතු කරමින් සිටින බවද නිවේදනයේ වැඩිදුටරත් සඳහන් වේ.
“ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ සංවිධායකයන් විදිහට අයි.පී.ජී. සමාගම හැම වෙලාවකම ඉහළම ප්‍රමිතීන් රඳවා ගැනීමට අපේක්ෂා කරනවා. එම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා අපි නොසැලී කැපවී සිටිනවා. තරගාවලිය පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ ගරුත්වය ආරක්ෂා කරන බවට අපි සියලුම ක්‍රීඩකයින්ට, ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම සියලුම පාර්ශවකරුවන්ට සහතික වෙනවා.”
“ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැකගැනීමටත්, ක්‍රීඩාශීලිත්වය වර්ධනය කිරීමට කැප වූ ලොව ප්‍රමුඛතම තරගාවලියක් ලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හඳුන්වන්න පුළුවන්. ක්‍රීඩා ලෝලීන්ට උසස් තත්වයේ අත්දැකීමක් ලබාදෙමින් තරගාවලිය සැලසුම් කළ පරිදිම ඉදිරියට ගෙන යන බවට අපි සහතික වෙනවා.” යැයි අයි.පී.ජී. සමාගම සභාපති අනිල් මෝහන් මහතා පැවසූ බවද නිවේදනයේ සඳහන් වේ.
එල්.පී.එල්. තරගාවලියේ 5 වැනි දිගහැරුම ජූලි මස 1 වැනිදා සිට 21 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලෙකැලේ සහ ආර්. ප්‍රේමදාස යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිත අතර දඹුල්ල කණ්ඩායමට අමතරව කොළඹ, ගාල්ල, යාපනය සහ මහනුවර යන කණ්ඩායම් එහිදී තරග වැදීමට නියමිතය.
-036
sachith Sunday, 26 May 2024 04:24 PM
ඕක තනිකරම කලු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් විතරයි. දැක්කනේ පරණ දඹුල්ල අයිතිකාරයා ළඟදි මිලියන ගණනක දූෂණවලට අත්අඩංගුවට ගත්තේ...!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.