Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල පිලේ අයිතිය ලන්ඩන් සමාගමකට

දඹුල්ල පිලේ අයිතිය ලන්ඩන් සමාගමකට

editorial - 2021 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩාකරන දඹුල්ල පිලේ හිමිකාරීත්වය ලන්ඩන් නුවර පිහිටි හැම්රෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඛමාර් ඛාන් මහතාට විසින් අත්කරගනු ලැබ ඇත.

මූල්‍යමය අර්බුදයක් හේතුවෙන් දඹුල්ල වයිකිංග්ස් පිලේ හිමිකාරීත්වය අත්හිටුවීමෙන් පසුව හැම්රෝ සමාගම විසින් එහි අයිතිය මිලදී ගන්නා ලදි. මින් ඉදිරියට එම කණ්ඩායම ‘දඹුල්ල ජයන්ට්ස්’ ලෙස හදුන්වනු ඇති බව ලංකා ප්‍රිමියර් ලීගයේ (එල්.පී.එල්) අළෙවි සමාගම වන අයි.පී.ජී ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

දේපල වෙළඳාම් ක්‍ෂේත්‍රයේ පුරෝගාමියෙකු වූ ඛමාර් ඛාන් මහතා මුල් මට්ටමේ මෙන්ම වෘත්තීය පළමු පෙළ මට්ටමින් ක්‍රිකට් ප්‍රජාවන් සමගින් ක්‍රියාකාරීව සම්බන්ධ වේ. ඔහු තම ව්‍යාපාරික ඥානය සහ ක්‍රීඩාව කෙරෙහි ඇති ඇල්ම ඒකාබද්ධ කර තමාගේම පදනමක් පිහිටුවාගත් අතර එමඟින් එසෙක්ස් ක්‍රිකට් පදනම, සරේ ක්‍රිකට් පදනම, එම්.සී.සී පදනම සහ ජාතික වේග පන්දු යැවීමේ ඇකඩමිය ඇතුළු විවිධ පදනම් සඳහා උපකාර කරනු ලැබේ.

“ක්‍රීඩාවේ සැබෑ ආධාරකරුවෙකු වන ඛමාර් ඛාන් මහතාගේ විශිෂ්ට වෘත්තීය ජීවිතයේ තවත් පැතිකඩක් සඳහා අයි.පී.ජී කණ්ඩායම ඔහුට සුබ පතන්නට කැමතියි. ඔහු සමඟ වැඩ කිරීමට අපි සැවොම බලා සිටිනවා” යැයි අයි.පී.ජී සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා පැවසීය.

පසුගිය වසර 20 තුළ ඔහු සක්‍රීයව සම්බන්ධ වූ බක්හර්ස්ට් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් සභාපති සහ ක්‍රීඩා සමාජයේ උප සභාපති වශයෙන් 2020 පෙබරවාරි මාසයේදී මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ඵෙතිහාසික පාකිස්තානු සංචාරයට ප්‍රධාන අනුග්‍රාහකයෙකු වීම ඔහුගේ නවතම ජයග්‍රහණය විය.

“මෙම සුවිශේෂී අවස්ථාව ගැන මම සතුටු වන අතර දඹුල්ල ජයන්ට්ස් එල්.පී.එල් හි විශිෂ්ට කණ්ඩායමක් බවට පත් කිරීමේදී මගේ වෘත්තීය ජීවිතය තුළින් ලබාගත් අත්දැකීම් අදාළ කර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා” යැයි ඛමාර් ඛාන් මහතා පැවසීය.

 


අදහස් (0)

දඹුල්ල පිලේ අයිතිය ලන්ඩන් සමාගමකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.