Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවිශ්ක ප්‍රනාන්දු ජයග්‍රාහී ගමනක .................. ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි
---------------------------------------------------------------------------------------------------
(දමින්ද විජේසූරිය)
අවිශ්ක ප්‍රනාන්දුගේ වගකීම් සහගත පිතිහරඹය නිසා කිසිදු අපහසුතාවකින් තොරවම ගෝල් ටයිටන්ස් පිල පරාජය කළ දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති එල්.පී.එල්. තරගයෙන් කඩුලු හතක ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් තරග 6 කින් 4 ක් ජයගත් අවුරා ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණට පැනගත්හ.
පන්දු 49 ට මුහුණ දුන් අවිශ්ක සිය අපරාජිත ලකුණු 70 හතරේ පහර 3 කින් සහ හයේ පහර 3 කින් සැරසීය. වෙනදා මෙන් හිතුවක්කාර පහර කරා නොගිය දකුණත් පිතිකරුවා, කණ්ඩායමේ බර කරට ගනිමින් සිය පිතිහරඹය අවසන් කළේ කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී ලකුණද ලබාගැනීමෙන් පසුවය.
මේ වන විට එල්.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර තුන්වැනි ස්ථානයට පිවිස සිටින අවිශ්ක තරග 6 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 167 කි. මෙම තරගාවලියේ ලකුණු ලබාගැනීම අනුව අවිශ්කට ඉදිරියෙන් සිටින්නේ බාබර් අසාම් (235) සහ ටිම් සේෆර්ට් (176) දෙදෙනා පමණි.
කාසියේ වාසිය අත්කරගත් දඹුල්ල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දු යැවිමට ගත් තීරණය කදිමට සාධාරණීකරනය කරමින් ගෝල් ටයිටන්ස් ඉනිම ලකුණු 133 කට සීමා කළහ. දඹුල්ල වෙනුවෙන් පන්දුව අතට ගත් ක්‍රීඩකයන් හය දෙනාම අඩුම වශයෙන් කඩුල්ලක් බැගින් දවාගත් අතර දුෂාන් හේමන්ත ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගත්තේය. එහෙත් දඹුල්ල වෙනුවෙන් විශිෂ්ටතම පන්දු යැවීම කළේ සිය ඕවර 4 ලකුණු 14 කට සීමාකරගත් බිනුර ප්‍රනාන්දු විසිනි.
ගෝල් ටයිටන්ස් - ඕවර 20 කදී කඩුලු 9 ට 133 යි
(ටිස් සේෆර්ට් 15, චැඩ් බෝව්ස් 22, සකිබ් අල් හසන් 13, සොහාන් ද ලිවේරා 12, දසුන් ශානක 36, දුෂාන් හේමන්ත 31/2)
දඹුල්ල අවුරා - ඕවර 17.4 කදී කඩුලු 3 ට 134 යි
(අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 70, කුසල් මෙන්ඩිස් 18, සධීර සමරවික්‍රම 25, ළහිරු කුමාර 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.