Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් (2023) තරගාවලියේ 11 වැනි තරගය ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද දඹුල්ල කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හසන් අලී ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125 ක් පමණි. සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ ෂොයිබ් මලික් පන්දු 53 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 74 ක් රැස්කළේය.
නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ (නොදැවී 9) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 53 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද මලික් සමත් වූ නමුත් ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. හසන් අලී ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගනිද්දී, සිය ඕවර 4 ලකුණු 8 කට සීමා කරමින් කඩුල්ලක් බිඳහෙළීමට බිනුර ප්‍රනාන්දු සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 134 ක් ලබාගත්තේය. පළමු ඕවරයේදී දඹුල්ල ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබා දැවී ගිය අතර ෂොයිබ් මලික් ලකුණු 13 කට කඩුලු 2 ක්ද, නුවන් තුෂාර ලකුණු 26 කට ලකුණු 2 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දඹුල්ල අවුරා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කුසල් පෙරේරා පන්දු 36 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක් රැස්කළ අතර සදීර සමරවික්‍රම පන්දු 25 කින් ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි හේඩ්න් කේර් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 25 ක් රැස්කළේය.
දඹුල්ල අවුරා පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 134
(සදීර සමරවික්‍රම 30, කුසල් පෙරේරා 41, හේඩ්න් කේර් නොදැවී 25, ෂොයිබ් මලික් 13/2, නුවන් තුෂාර 26/2)
ජැෆ්නා කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 125
(ෂොයිබ් මලික් නොදැවී 74, දුනිත් වෙල්ලාලගේ 16, හසන් අලී 20/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.