Last Update  :  2025-02-22 11:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන් ශානකට ලක්‍ෂ 30 ක දඩයක්
පළමු පෙළ ක්‍රිකට්

දසුන් ශානකට ලක්‍ෂ 30 ක දඩයක්

editorial - 2025 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පළමු පෙළ තරගයකට සහභාගි වෙමින් සිටියදී ව්‍යාජ ආබාධයක් පෙන්වා සිටිමින් හදිසියේම තරගයෙන් ඉවත්ව විදේශ ගතවීම නිසා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානකට ඩොලර් 10,000 ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් ඇතිකරගෙන සිටින ගිවිසුම කඩකිරීම පිළිබඳ චෝදනා ඉදිරිපත් කරමින් දසුන් ශානකට මෙම දඩ මුදල නියම කර තිබේ.
 
මෙම දඩය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 30 ඉක්මවයි. 

අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේදී එස්.එස්.සී. පිල නියෝජනය කරන දසුන් ශානක සති දෙකකට ඉහතදී පැවැති තරගයක් අතරතුර හදිසියේම විදේශගත විය. ඔහු එස්.එස්.සී. ක්‍රීඩා සමාජ කණ්ඩායමෙන් ඉවත් වූයේ හදිසියේ ඇතිවූ ශාරීරික ආබාධයක් පෙන්වා සිටිමින් වුවත් ඩුබායි බලා ගිය දසුන් එදිනම පැවැති ලීග් තරගයකදී ඩුබායි කැපිටල්ස් කණ්ඩායම ද නියෝජනය කළේය. 

මුවර්ස් පිලට එරෙහිව එස්.එස්.සී. පිල වෙනුවෙන් ලකුණු 123 ක් ලබාගත් දසුන් ශානක පෙබරවාරි 2 වැනිදා රාත්‍රියේ ඩුබායි හි පැවැති අන්තර්ජාතික ලීග් (විස්සයි-20) තරගයකදී ඩුබායි කැපිටල්ස් පිල වෙනුවෙන් ලකුණු 34 ක් ද ලබාගත්තේය. එහෙත් එස්.එස්.සී. පිලෙන් ඉවත්වීම සඳහා දසුන් ඉදිරිපත් කළ වෛද්‍ය සහතිකය අනුව වෛද්‍ය නිර්දේශය වූයේ ඔහු විවේක ගතයුතු බවයි. 

චෝදනාව සම්බන්ධයෙන් පැවැති විනය පරීක්‍ෂණයේදී දසුන් ශානක සිය වරද පිළිගනිමින් එස්.එස්සී. පිලට සිදුවූ අපහසුතාව පිළිබඳ සමාව අයැද ඇත.  


අදහස් (0)

දසුන් ශානකට ලක්‍ෂ 30 ක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.