Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන්ට ලක්ෂ 11 ක දඩයක්

දසුන්ට ලක්ෂ 11 ක දඩයක්

editorial - 2022 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)
 
කොළඹ ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉකුත් 8 වැනිදා පැවැති තරගයේදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආචාර්ය ධර්ම පද්ධතියේ පළමු මට්ටම උල්ලංඝනය කිරීම හේතුවෙන් දඹුල්ල අවුරා කණ්ඩායමේ දසුන් ශානකට තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් නියම කිරීමට තරග තීරකවරයා පියවර ගෙන ඇත.

එහිදී දසුන්, ආචාර්ය ධර්ම පද්ධතියේ 2.8 වගන්තය කඩ කර ඇති අතර ‘තරගයක් තුළදී විනිසුරු තීරණයකට අප්‍රසාදය පළ කිරීම’ එම වගන්තියට අන්තර්ගත වේ. අදාල දඩ මුදල ඇමරිකානු ඩොලර් 3000 ක් වන අතර එය පවතින විනියම අනුපාතය අනුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 11 ක් පමණ වේ. දඩ නියම කිරීමට අමතරව දසුන්ගේ විනය වාර්තාවට ඍණ ලකුණු 2 ක් එක් කිරීමටද තරග තීරකවරයා තීරණය කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් දසුන් වරද පිළිගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව තරග තීරක ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ. පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ චන්ද්‍රික අමරසිංහ, ලින්ඩන් හැනිබල්, තෙවැනි විනිසුරු රුචිර පල්ලියගුරු යන මහත්වරු ලැබ්රෝයි මහතා හමුවේ මෙම සිදුවීමට අදාලව දසුන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් ආචාර්ය ධර්ම පද්ධතියේ පළමු මට්ටම උල්ලංඝනය කිරීම වෙනුවෙන් ක්‍රීඩකයකුට දැඩි ලෙස අවවාද කිරීමටත්, තරග ගාස්තුවෙන් 50% ක උපරිමයක් දක්වා දඩ නියම කිරීමටත්, ඍණ ලකුණක් හෝ දෙකක් ලබාදීමටත් තරග තීරකවරයාට බලතල හිමිවනු ඇත.


අදහස් (0)

දසුන්ට ලක්ෂ 11 ක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.