Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දින දර්ශනයට අලුතෙන්ම එකතු වන දහයයි-10 ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේදී පළමු වරට පැවැත්වෙන දහයයි-10 තරගාවලිය සඳහා දෙසැම්බර් 12 සිට 23 වැනිදා දක්වා දින වෙන්කර තිබේ.
මෙම තරගාවලිය ජුනි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූණද, ජූනි මාසය අන්තර්ජාතික සහ දේශීය ක්‍රිකට් තරගාවලි පවතින කාර්ය බහුල සමයක් වූ බැවින්, එය දෙසැම්බර් මාසයට මාරු කරන ලදී.
මෙවන් තරගාවලියක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර කිහිපයක සිටම උත්සාහ කරමින් සිටි නමුත් ඒ වෙනුවෙන් ප්‍රධාන වගකීම බාරගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා තරගාවලිය දිනෙන් දින කල් දමන ලදි. එහෙත් මෙවර තරගාවලියේ ප්‍රධාන කොටස්කරු වශයෙන් ටීටෙන් ස්පෝට්ස් මැනේජ්මන්ට් සමාගම ඉදිරිපත් වී සිටී. ටීටෙන් ස්පෝට්ස් මැනේජ්මන්ට්, ටීටෙන් ග්ලෝබල් ස්පෝට්ස් සහ ඉනොවේටිව් ප්‍රඩක්ශන් ගෲප් යනු ඒකාබද්ධ සමාගම් තුනකි.
තරඟාවලියට පිරිමි කණ්ඩායම් හයක් සහ කාන්තා කණ්ඩායම් හතරක් ඇතුළත් වෙයි. කලාපීය ක්‍රිකට් කේන්ද්‍රස්ථාන ආවරණය වන පරිදි, සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සහ විදේශීය ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළත් කෙරෙනු ඇත.
ඉතාමත් වේගවත් ක්‍රිකට් ක්‍රීඩාවකින් යුත් මෙම තරගාවලියේදී අන්තර්ජාතික මට්ටමේ විශිෂ්ටතම ක්‍රීඩකයන් සමගින් උරෙනුර ගැටී තරග කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ටත් අවස්ථා හිමිවනු ඇත.
“දහයයි-10 ක්‍රිකට් ක්‍රීඩාවේ උද්යෝගය ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම ගැන අපි සතුටට පත්වෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහයෝගයට අපි ස්තූතිවන්ත වෙනවා....”
“මේ තරගාවලියේ තියෙන වැදගත්කම තමයි, මෙම තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි ශ්‍රී ලංකාව වගේ රටකින් අනුමත වෙලා තියෙන එක” යයි ටීටෙන් ග්ලෝබල් ස්පෝට්ස් සමාගමේ සභාපති සජි-උල් මලික් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයකදී, විදුලි ආලෝකය යටතේ තරග පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.