Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිල්ලි කැපිටල්ස් තවමත් පෙරමුණේ
අයි.පී.එල් - 2025

දිල්ලි කැපිටල්ස් තවමත් පෙරමුණේ

editorial - 2025 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 32 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 10 ක් ලබා සිටින දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්ව සිටියි. මෙතෙක් සහභාගි වූ තරග 6 න් 5 ක් ජයගෙන සිටින දිල්ලි ක්‍රීඩකයන් පරාජයට පත්ව ඇත්තේ එක් තරගයක් පමණි. 

ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු, පන්ජාබ් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් තරග 4 බැගින් ජය ගෙන ලකුණු 8 බැගින් ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගය අනුව ගුජරාට් කණ්ඩායම දෙවැනි ස්ථානයටත්, බෙංගලූරු කණ්ඩායම තෙවැනි ස්ථානයටත්, පන්ජාබ් කණ්ඩායම සිවුවැනි ස්ථානයටත්, ලක්නව් කණ්ඩායම පස්වැනි ස්ථානයටත් පත්ව සිටියි. 

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග 3 ක් ජයගෙන ලකුණු 6 ක් ලබා ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ රැදී සිටියි. මුම්බායි ඉන්දියන්ස්, රාජස්ථාන් රොයල්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් පිළිවෙලින් හත්වැනි, අටවැනි, නමවැනි සහ දහවැනි ස්ථානවල පසුවන අතර ඔවුන් තරග 2 බැගින් ජයගෙන ලකුණු 4 බැගින් හිමිකරගෙන සිටියි. 

මෙතෙක් පැවැති තරගවලදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නිකලස් පූරන් තරග 7 කදී අර්ධ ශතක 4 ක් සමග ලකුණු 357 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නූර් අහමඩ් තරග 7 කදී කඩුලු 12 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි. 

-036


අදහස් (0)

දිල්ලි කැපිටල්ස් තවමත් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.