Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිල්ලි බුල්ස් පිල පෙරමුණ ගනී
අබුඩාබි දහයයි-10

දිල්ලි බුල්ස් පිල පෙරමුණ ගනී

editorial - 2023 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබි දහයයි-10 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 11 ක් නිමාවට පත්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොදෙව් ක්‍රීඩක රෝමන් පවෙල් නායකත්වය දරන දිල්ලි බුල්ස් කණ්ඩායම සමත්ව තිබේ. 

මේ දක්වා තරග 2 කට සහභාගි වී ඇති දිල්ලි බුල්ස් කණ්ඩායම එම තරග 2 ම ජයගනිමින් ලකුණු 4 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි. ඊයේ (1 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 65 ක පහසු ජයක් වාර්තා කිරීමත් සමග ඔවුන් ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය. 

මොරිස්විල් සැම්ප් ආම්, නිව්යෝක් ස්ට්‍රයිකර්ස් සහ නොදර්න් වොරියර්ස් යන කණ්ඩායම්ද තරග 2 බැගින් ජයගෙන එක් තරගය බැගින් පරාජය වී ලකුණු 4 කට හිමිකම් කියන නමුත්, මේ වන විට රඳවාගෙන සිටින ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන් පිළිවෙළින් ලකුණු සටහනේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්ව තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන කුසල් පෙරේරා සහ චාමික කරුණාරත්න නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඇන්ජලෝ මැතිව්ස් නොදර්න් වොරියර්ස් කණ්ඩායමේ නායකත්වය දරයි. චරිත් අසලංක නායකත්වය දරන චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම මේ වන විට ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවේ. 

මේ වන විට ඇන්ජලෝ මැත්ව්ස් සහ චාමික කරුණාරත්න තරග 3 කදී කඩුලු 6 බැගින් බිඳහෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටින අතර කුසල් පෙරේරා තරග 3 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 69 රැස්කරමින් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 8 වැනි ස්ථාවේ රැදී සිටියි. 

-036


අදහස් (0)

දිල්ලි බුල්ස් පිල පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.