Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මයිකල් ක්ලාක්ගේ 27 වැනි ටෙස්ට් ශතකය නිසා පළමු ඉනිමේදී ලකුණු 500 ආසන්නයටම පැමිණ සිටින ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ගමන එතැනින් නතර කරමින් වර්ෂාව ඇද වැටිණ. කේප් ටවුන් නුවර නිව්ලන්ඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (2 වැනිදා) වර්ෂාව නිසා තරගය නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 494 ක් ලබා සිටියේය.
පන්දු 301 කට මුහුණ දෙමින් සිය කඩුල්ල ආරක්‍ෂා කරගත් ඕස්ටේ‍්‍රලියානු නායකයා ස්ටීවන් ස්මිත් සමග ලකුණු 184 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම පිල ලකුණු 400 සීමාවෙන් එපිටට කැඳවාගෙන ගියේය.
තරග නතර කරන විට නොදැවී ලකුණු 161 ක් ලබා සිටි මයිකල් ක්ලාක් සිය ඉනිමට හතරේ පහර 17 ක් ඇතුළත් කර තිබිණ.
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 7 ක් දැවී 494
(කි‍්‍රස් රොජර්ස් 25, ඬේවිඞ් වෝනර් 135, ඇලන් ඩූලන් 20, මයිකල් ක්ලාක් නොදැවී 161, ස්ටීවන් ස්මිත් 84, ෂේන් වොට්සන් 40, බ‍්‍රැඞ් හැඩින් 13, ඬේල් ස්ටෙයින් 44/1, වර්නන් පිලැන්ඩර් 116/1, ජේ. පී. ඩුමිනි 73/4, ඞීන් එල්ගාර් 99/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.