Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවානන්දය අවසන් පූර්ව වටයට

දේවානන්දය අවසන් පූර්ව වටයට

editorial - 2023 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් II කොටසේ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සමත් විය. 

පිලියන්දල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී පිලියන්දල මැදි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් දේවානන්ද ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය පිලියන්දල මැදි විදුහල, තරගය නිමාවට පත්වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 139 ක් ලබා ජයග්‍රහණයට තවත් ලකුණු 6 ක් පසුපසින් සිටියහ. මෙම තරගයේදී දේවානන්ද විදුහලේ මිතිල ප්‍රනාන්දු (101) ශතකයක් ලබාගත් අතර පිලියන්දල මැදි විදුහලේ තිනෙත් සාලිංග කඩුලු 13 ක් දවාගැනීමට සමත් විය. 

පිළියන්දල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 56.5 කදී සියලු දෙනා දැවී 156 
(සෙතික දිල්මිත 35, අංජන ප්‍රනාන්දු 22, වනිත් ද සිල්වා 50/6, කවීෂ් හංසක 26/2) 

දේවානන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලු දෙනා දැවී 252 
(මිතිල ප්‍රනාන්දු 101, ශෙෂාන් රෂ්මික 40, කවීෂ කල්පන 27, කවීෂ් හංසක 23, චමෝද් චන්දූප 24, තිනෙත් සාලිංග 69/5, අෂාන් තත්සර 51/3)  

පිළියන්දල මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 45 කදී කඩුලු 9 ක් දැවී 240 
(දිලාෂ් සචින්ද 47, අෂේන් රොද්‍රිගූ 42, අංජන ප්‍රනාන්දු 39, අෂාන් තත්සර නොදැවී 38, තරුෂ දිල්හාර 28, සෙතික දිල්මිත් 21, කවීෂ හංසක 57/3, රවිඳු ජීවංක 25/2) 

දේවානන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 41 කදී කඩුලු 8 ක් දැවී 139 
(කවීෂ කල්පන නොදැවී 36, මිතිල ප්‍රනාන්දු 27, තිනෙත් සාලිංග 55/8) 

-036 


අදහස් (0)

දේවානන්දය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.