Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දොම්පෙ පොලිස් කණ්ඩායම...
(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන අතර පැවති "දේශබන්දු තෙන්නකෝන් " අභියෝගතා සැහැල්ලු පන්දු (පිරිමි) ක්‍රිකට් තරගාවලියේ ජය දොම්පෙ පොලිස් කණ්ඩායමත් (කාන්තා) ක්‍රිකට් තරගාවලියේ ජය ගම්පහ මූලස්ථාන පොලිස් කණ්ඩායමත් අත්කර ගත්හ.
ගම්පහ කොට්ඨාසයේ පොලිස් ස්ථාන 19 ක් අතර පැවති මෙම ක්‍රිකට් තරගාවලියේ පිරිමි අවසන් තරඟයට දොම්පෙ සහ වැලිවේරිය පොලිස් ස්ථාන කණ්ඩායම් සුදුසුකම් ලබාගත්හ.
කාන්තා තරඟාවලියයේ අවසන් තරඟයට ගම්පහ මූලස්ථාන පොලිස් කණ්ඩායමත් , නිට්ටඹුව මූලස්ථාන පොලිස් කණ්ඩායමත් තරඟ වැදුණහ. අවසන් තරග බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මාරපොල මහ විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාද , පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරීවරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. දොම්පෙ පොලිස් කණ්ඩායම වෙනුවෙන් දේශබන්දු තෙන්නකෝන් අභියෝග ශූරතාව දොම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රියාන් නිශ්ශංක මහතා වෙත පිරිනැමිණ. ගම්පහ පොලිස් කණ්ඩායම වෙනුවෙන් දේශබන්දු තෙන්නකෝන් අභියෝග ශූරතාව, කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශයේ කාන්තා පොලිස් සැරයන් පුෂ්පකාන්ති මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි.
ගම්පහ මූලස්ථාන පොලිස් කණ්ඩායම...
ඡායාරූප - ගම්පහ තිලකරත්න දිසානායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.