Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ලක්නව් නුවර සිට..)
2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදි පැවැති අවසන් මහ තරගය ජයගැනීම සඳහා ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි එල්ල කළ හයේ පහර පතිත වූ ස්ථානයේ සමරු ආසන දෙකක් ඉදිකිරීමට එම ක්‍රීඩාංගණයේ භාරකරුවන් පියවර ගෙන තිබේ.
එවර ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 275 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 48.1 ක් අවසානයේ ලකුණු 271 ක් ලබා සිටි අතර නුවන් කුලසේකර යැවූ ඊළඟ පන්දුව ලෝන් ඕන් කළාපයට ඉහළින් ගුවන්ගත කරමින් දෝනි ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
එම හයේ පහරින් ඇදී ගිය පන්දුව පතිත වූ ස්ථානය සළකුණු කරමින් එහි සුවිශේෂී සමරු ආසන 2 ක් ඉදිකළ මුම්බායි ක්‍රිකට් සංගමය, එම ආසන ද්විත්වය තරග නැරඹීමට වැන්කඩේ ක්‍රීඩාංගණයට පැමිණෙන විශේෂ අමුත්තන් සඳහා වෙන් කිරීමටද කටයුතු කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.