Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියට සහභාගි වීම සඳහා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට ඇතුළත්ව නොසිටි ඔවුන් දෙදෙනා හදිසියේම සංචිතයට කැඳවා ඇත්තේ දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ආසාර්ථක වීමත්, ආබාධ ලැයිස්තුව දිගුවීමත් හේතුවෙනි.
දින තුනක නිරෝධායන ක්‍රියාවලියකට ලක්වීම අවශ්‍ය වන නිසා ඔවුන් දෙදෙනාට සෙනසුරාදා (26 වැනිදා) ධරම්ශාලාහිදී පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවන බවත්, තෙවැනි තරගයේ සිට ඔවුන් කණ්ඩායමේ තේරීම් සඳහා යොදාගත හැකි බවත් වාර්තා වේ.
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත සංචිතයට ඇතුළත් නොවුණද, ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 19 දෙනකුගෙන් සමන්විත සංචිතයට දික්වැල්ල සහ ධනංජය ඇතුළත්ව සිටියහ.
එංගලන්තයේදී ජෛව බුබුළ කැඩීම හේතුවෙන් තරග තහනමකට ලක්ව සිට ඉන් මිදීමෙන් අනතුරුව දික්වැල්ල ජාතික කණ්ඩායමට කැඳවූ පළමු අවස්ථාව මෙයයි. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 10 කට ක්‍රීඩ කළ ඔහු තරගයකදී 15.10 ක සාමාන්‍යයක් සහ 152.52 ක ලකුණු රැස්කිරිමේ වේගයක් රඳවාගනිමින් ලකුණු 151 ක් රැස්කළේය.
ධනංජය ද සිල්වා එල්.පී.එල්. තරගාවලියේ තරග 9 කදී ලකුණු 147 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 21 ක සාමාන්‍යයක් සහ 114.84 ක ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවාගනිමිනි. එහිදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 3 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.