Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ධනුෂ්ක ගුණතිලක මේ වන විටත් ඒ සම්බන්ධ ලිපිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට භාර දී ඇත.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඊයේ (6 වැනිදා) පැමිණි ධනුෂ්ක ගුණතිලක, එහි උසස් නිළධාරීන් හමුවී ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ ලිපිය භාරදුන් බව වාර්තා වේ.
2017 දී ඉන්දියාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගිවූ ධනුෂ්ක ගුණතිලක මේ දක්වා ටෙස්ට් තරඟ 8 කට ක‍්‍රීඩා කර ඇත. 2018 වසරේදී නවසීලන්තයට එරෙහිව අවසන් ටෙස්ට් තරගය ඔහු ක‍්‍රීඩා කළේය. ටෙස්ට් තරග 8 ක ඉනිම 16 කදී ලකුණු 299 ක් ලබාගෙන ඇති ධනුෂ්කගේ ටෙස්ට් වාර්තාවට අර්ධ ශතක 2 ක් ද ඇතුළත් වේ. ඉනිමකදී ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 61 ක් ලෙස සටහන්වේ.
පසුගිය වසරේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කිරීම හේතුවෙන් වසරක ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමකට ලක්විය.
කෙසේ වෙතත් වත්මන් කී‍්‍රඩකයන්ගේ දස්කම් හමුවේ ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට නැවතත් පැමිණීම ඉතාම අසීරු කාරණයක් වී තිබේ.
ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පසුගිය වසර පුරා තරග 6 කදී ලකුණු 797 ක් රැස්කරමින් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්වී ඇති අතර පසුගිය වසරේ ටෙස්ට් පිටියට පිවිසි පැතුම් නිස්සංක තරග 6 කදී ලකුණු 427 ක් රැස්කිරීමට සමත්වී ඇත.
ටෙස්ට් කී‍්‍රඩකයන්ගේ ලයිස්තුවේ සිටින්නේ නම් ධනුෂ්කට දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක සමගින් ආරම්භක පිතිකරු ස්ථානය සඳහා තරග කිරීමට සිදුවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.