Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධනුෂ්කගේ නඩුව ජනවාරි 12 ට කල් තබයි

ධනුෂ්කගේ නඩුව ජනවාරි 12 ට කල් තබයි

editorial - 2022 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම අද (7 වැනිදා) සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව ජනවාරි මස 12 වැනිදා යළි කැඳවන තෙක් ඔහු සිල්වර්වෝටර් බන්ධනාගාරයේ රඳවා තැබීමට සිඩ්නි පොලිසිය පියවර ගෙන තිබේ. 

චෝදනාවට අදාල නඩු විභාගය සඳහා අද පෙරවරුවේ ධනුෂ්ක මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් මහතා හමුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිට ඇත. එහිදී තම අනන්‍යතාව තහවුරු කිරීම සඳහා පමණක් කතා කළ ගුණතිලක, සිඩ්නි රැඳවුම් මධ්‍යස්ථානයක අළු පැහැති ටී ෂර්ටයක් පැළඳ වාඩි වී සිටි ඇත.  

ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආනන්ද අමරනාත් මහතා, තම සේවාදායකයා නිර්දෝශී බවට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් ඇප ඉල්ලා සිටින බව අධිකරණය හමුවේ පවසා තිබේ. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ජනවාරි මස 12 වැනිදා දක්වා කල් තැබීමට පියවර ගෙන තිබේ. 

අධිකරණයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් නීතීඥ අමරනාත් මහතා, පවසා ඇත්තේ ඇප ලබාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් තම සේවාදායකයා අපේක්ෂා භංගත්වයට පත්ව සිටින බවත්, මෙම නඩුව යළි අභියාචනාධිකරණයේ ගොනු කරන බවත්ය. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හමුවේ පරාජයට පත්වී පැය කිහිපයකට පසුව එනම් ඉරිදා අළුයම 1.00ට පමණ කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයේදී ගුණතිලක අත්අඩංගුවට ගැනීමට සිඩ්නි පොලිසිය කටයුතු  කර තිබිණ.

-036


අදහස් (0)

ධනුෂ්කගේ නඩුව ජනවාරි 12 ට කල් තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.