Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධම්මික ප්‍රසාද් සමුගැනීමේ සිතිවිල්ලෙන්

ධම්මික ප්‍රසාද් සමුගැනීමේ සිතිවිල්ලෙන්

රොෂාන් ගුණරත්න - 2021 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සම්බන්ධව මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් සාකච්ඡා පවත්වමින් සිටින බව වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ලංකාදීපයට පැවසීය. ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනහොත් තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමට තමන් බලාපොරොත්තු වන බවත් එසේ නොමැතිනම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන දේශිය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 

පළමු පෙළ ක්‍රීඩා සමාජයක් වන එස්.එස්.සී කණ්ඩායම වෙනුවෙන් වසර 18 කට වැඩි කාලයක් ක්‍රීඩා කළ ධම්මික ප්‍රසාද් එහි නායකයා ජාතික කණ්ඩායම නියෝජනය කළ බොහෝ අවස්ථාවලදී එස්.එස්.සී. කණ්ඩායමට නායකත්වය දුන්නේය. ඔහු තවමත් එස්.එස්.සී. පිල වෙනුවෙන් ක්‍රීඩා කරයි. 

ධම්මික ප්‍රසාද් අවසන් වරට 2015 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේය. විවිධ ආබාධ හේතුවෙන් වරින් වර කණ්ඩායමෙන් ඉවතට විසිවූ ධම්මික ප්‍රසාද්ට නැවතත් ටෙස්ට් කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් හිමිනොවීය.

මේ වනවිට 37 වැනි වියේ සිටින ධම්මික ටෙස්ට් තරග 25 කට, එක්දින තරග 24 කට සහ එක් විස්සයි20 තරගයකට ක්‍රීඩාකර ඇත. එහිදී ටෙස්ට් කඩුලු 75 ක් සහ එක්දින කඩුලු 32 ක් දවාගැනීමට ඔහු සමත්වී ඇත. ටෙස්ට් තරගවලදී කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 35.97 ක් ලෙස රැඳවාගෙන ඇති ධම්මික ප්‍රසාද් එක්දින ජාත්‍යන්තර තරගවලදී කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 30.50 ක් ලෙස රැඳවා ගෙන ඇත.

ඔහු දවාගෙන ඇති ටෙස්ට් කඩුලු 75 න් කඩුලු 41 ක් දවාගෙන ඇත්තේ 2015 වසරේදී ක්‍රීඩා කළ තරග 9 කදී වෙයි. 

පළමු පෙල තරග 130 කදී කඩුලු 351 ක් දවාගැනීමට ධම්මික ප්‍රසාද් සමත්වී ඇති අතර එක්දින තරග 119 කදී කඩුලු 154 ක් දවාගෙන ඇත. දේශීය විස්සයි20 තරග 21 කදී කඩුලු 19 ක් දවාගැනීමට ඔහු සමත්වී ඇත.


අදහස් (0)

ධම්මික ප්‍රසාද් සමුගැනීමේ සිතිවිල්ලෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.