Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර 31 වැනි වරටත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘කැලණි හටන‘ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේදී ධර්මාලෝක විදුහලේ පළමු ඉනිම ලකුණු 118 කට සීමා කිරීමට ගුරුකුල විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී දක්ෂ පන්දු යැවීම නිරත වූ දිලිප් චාමර ලකුණු 7 කට කඩුලු 3 ක් දවාගත් අතර ධර්මාලෝක පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නුවන්ත මධුෂාන් සහ ප්‍රවීන් නිමේෂ් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.
පළමු දිනය අද (26 වැනිදා) සඳහා නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ගුරුකුල විදුහල කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියේය. දිනය නිමාවන විට කෙමිර නයනතරු ලකුණු 78 ක්ද, රෂ්මික මෙවන් ලකුණු 44 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
ධර්මාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 44.1 කදී සියලු දෙනා දැවී 118
(යුගීෂ දිල්ෂාන් 51, දිලිප් චාමර 07/3, නුවන්ත මධුෂාන් 15/2, ප්‍රවීන් නිමේෂ් 22/2)
ගුරුකුල විදුහල් පළමු ඉනිම - ඕවර 47 කදී කඩුලු 2 ක් දැවී 147
(කෙමිර නයනතරු නොදැවී 78, රෂ්මික මෙවන් නොදැවී 44)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.