Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මාලෝක විදුහල කඩුලු 7 ක ජයක් ලබයි

ධර්මාලෝක විදුහල කඩුලු 7 ක ජයක් ලබයි

Nisanka Sandeepani - 2019 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ධර්මාලෝක විදුහල විදුහල සමත් විය. 
 
එහිදී ශ්‍රී ධර්මාලෝක විදුහල වෙනුවෙන් ඉරුෂ රාමනායක (87) සහ පසිඳු ලක්ෂිත (58) ද, බණ්ඩාරනායක විදුහල වෙනුවෙන් මාදව කරුණාරත්න (59) සහ සිසිත මදනායක (53) ද අර්ධ ශතක ලබාගත්හ. 
 
දක්ෂ පන්දු යැවීමක නිරත වූ බණ්ඩාරනායක විදුහලේ ගයාෂාන් හෙට්ටිආරච්චි, ලකුණු 73 කට කඩුලු 7 ක් දවාගැනීමට සමත් වූ ධර්මාලෝක විදුහලේ යුගීෂ දේෂාන් සහ මුදීෂ නිෂාන් කඩුලු 5 බැගින් දවාගත්හ. 
 
බණ්ඩාරනායක විදුහල් පළමු ඉනිම - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 141   
(සිසිත මදනායක 48, මදාරා දෙලවත්ත 18, යුගීෂ දේෂාන් 50/5, පසිඳු පියුමාල් 22/4) 
 
ශ්‍රී ධර්මාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 9 ක් දැවී 328 
(ඉරුෂ රාමනායක 87, පසිඳු ලක්ෂිත 58, හරිත කේෂාන් 34, ෂෙනාල් හේමන්ත 29, පසිඳු පියුමාල් 23, ගයාෂාන් හෙට්ටිආරච්චි 73/7) 
 
බණ්ඩාරනායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 54.5 කදී සියලු දෙනා දැවී 203   
(මාදව කරුණාරත්න 59, සිසිත මදනායක 53, දිලීප සඳරුවන් 21, මුදීෂ නිෂාන් 97/5, සචින්ත ලක්ෂාන් 41/4) 
 
ශ්‍රී ධර්මාලෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3.5 කදී කඩුලු 3 ක් දැවී 18
(කාවින්ද මල්ෂාන් නොදැවී 8, කවීෂ දිලක්ෂන 10/2 ) 
 
-036 

අදහස් (0)

ධර්මාලෝක විදුහල කඩුලු 7 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.