Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේ නාමයෝජනා සඳහා ඉදිරිපත් වූ විරෝධතා සම්බන්ධයෙන් නිලවරණ කමිටුව කටයුතු කළ ආකාරයට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට නිලවරණයට ඉදිරිපත්ව සිටින පාර්ශවයක් සූදානම් වන බව වාර්තා වේ.
සභාපති ධූරයට ඉදිරිපත් වූ නාමයෝජනා හතරෙන් නාමයෝජනාවක් සම්බන්ධයෙන් කටයුතු කළ ආකරය පිළිබඳව අධිකරණයට කරුණු දැක්වීමට නියමිත බව වාර්තා වේ.
අධිකරණයට යෑමට සූදානම් වන පාර්ශවය පවසන්නේ එහිදී නිලවරණ කමිටුව ක්‍රීඩා පනතේ රෙගුලාසි ඉක්මවා කටයුතු කර ඇති බවයි.
“විරෝධතා ඉදිපත් වුණේ නෑ කියන්නේ කිසියම් කෙනෙක්ගේ නාමයෝජනාවක් පිළිගත්තයි කියන එක නොවෙයි. නිලවරණ කමිටුව එම නාමයෝජනාව පනතට අනුකූල ද කියලා පරීක්‍ෂා කරන්න ඕනේ”
“නාමයෝජනා ඉදිරිපත් කළ පුද්ගලයකුගේ ලිපියක් මත එය තීරණය කරනවා නම් එය වැරදියි” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ක්‍රිකට් නිලවරණය නැවත අධිකරණයට යොමු වුවහොත් නියමිත පරිදි ලබන 7 වැනිදා නිලවරණය පැවැත්වීම අවදානමට ලක්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.