Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නඳුන් කල්හාරගේ තුන් ඉරියව් දස්කම් හමුවේ අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ මීගමුව හරිස්චන්ද්ර ජාතික පාසලට එරෙහිව එම විදුහල් ක්රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 143 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී ප්රහාරාත්මක පිතිහරඹයක නිරත වූ නාලන්දා මැදි විදුහලේ නඳුන් කල්හාර පන්දු 68 කදී හයේ පහර 12 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 125 ක් රැස්කළ අතර ලකුණු 36 කට කඩුලු 11 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමකද නිතර වීය.
හරිස්චන්ද්ර ජාතික පාසල - පළමු ඉනිම - ඕවර 30 කදී සියලු දෙනා දැවී 80
(සුනෙත් සනිෂ්ක 20, අනුධ ඉන්දීප 08/4, නවීන් රිද්මික 05/3, නඳුන් කල්හාර 18/3)
නාලන්දා මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 26.2 කදී කඩුලු 5 ක් දැවී 266
(නඳුන් කල්හාර 125, සලිඳු මල්මිණ 60, සචිරු හන්සල 52, කවිෂාන් ධනංජය 26/2, උදාර දමසිත් 55/2)
හරිස්චන්ද්ර ජාතික පාසල - දෙවැනි ඉනිම - ඕවර 16.3 කදී සියලු දෙනා දැවී 43
(නඳුන් කල්හාර 18/8, මහිඳු මලිත් 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.