Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනට පවතින ව්‍යවස්ථාව වෙනස් කරන්න යයි කියමින් ජාතික කණ්ඩායමේ හිටපු නායක මයිකල් තිසේරා මහතාත්, හිටපු ක්‍රීඩකයන් වන සිදත් වෙත්තමුණි සහ මුත්තයියා මුරලිදරන් මෙන්ම හිටපු ක්‍රිකට් නිලධාරීන්ද ඇතුළුව 12 දෙනකු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමට ප්‍රතිවිරෝධතා ගොනු කිරීම හෙටට (24 වැනිදා) යෙදී තිබේ.
පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා ඇමතිවරයා විසින් ද විරෝධතා ගොනු කරනු ලැබ තිබිණ. එහෙත් එම විරෝධතා වෙනුවෙන් ප්‍රති විරෝධතා ගොනුකිරීමට මේ වසරේ (2022) පෙබරවාරි 24 වැනිදා (හෙට) වන තුරු පෙත්සම්කරුවන්ට කල් දී තිබිණ.
මෙම පෙත්සම මැයි මස 30 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසරේ නිලවරණයට පෙර ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස අධිකරණ නියෝගයක් ඉල්ලා 2021 පෙබරවාරි 15 වැනිදා හිටපු ක්‍රිකට් ප්‍රවීණයෝ අභියාචනාධිකරණයට ගියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් වසර ගණනාවක සිටම කියා සිටියද එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔව්හු ඒ වෙනුවෙන් අධිකරණ නියෝගයක් ඉල්ලා සිටියහ.
හිටපු අතුරු කමිටු සභාපතිවරු සිව්දෙනෙක්, හිටපු ටෙස්ට් ක්‍රීඩකයෝ දෙදෙනෙක්, හිටපු අතුරු කමිටු ලේකම්වරු දෙදෙනක් මෙන්ම 1996 ලෝක කුසලාන දිනාගත් අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාව සිටි ආනා පුංචිහේවා මහතාද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ හිටපු නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතාත්, විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක් මහතාත් මෙම 12 දෙනා අතරට එක්ව සිටියහ. ඔවුන් අතුරින් හිටපු අතුරු කමිටු සභාපතිවරයකු වූ විජය මලලසේකර මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය.
හිටපු ටෙස්ට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙම පෙත්සම ගොනු කිරීමට එක්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතා විසින් පත්කරනු ලැබ සිටින බලසම්පන්නම කමිටුව වන ක්‍රිකට් තාක්‍ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයකු ලෙසින්ද කටයුතු කරන අතරවාරයේදීය.
අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කිරීමෙන් පසුව එය විභාගයට ගත් විනිසුරු මඬුල්ලේ නියෝගය වූයේ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එම විරෝධතා පසුගිය වසරේ මාර්තු 15 වැනිදාට පෙර ගොනු කරන ලෙසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතා ගොනු කර තිබිණ. ඒ සම්බන්ධයෙන් තමන්ගේ කරුණු කාරණා ගොනු කිරීමට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතා තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි අතර නියමිත කාලයේදී ක්‍රීඩා ඇමතිවරයාද අදාළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනුකර සිටියේය.
තමන් අභියාචනාධිකරණය හමුවට ගියේද ක්‍රීඩා ඇමතිවරයාගේ ආශිර්වාදය ඇතිව බව පෙත්සම්කරුවෝ කියා සිටියහ. එවන් තත්ත්වයක් තිබියදී අදාළ පෙත්සමට ක්‍රීඩා ඇමතියවරා විසින්ම විරෝධතා ගොනු කිරීම මෙම පෙත්සම ඉදිරිපත් කළ ක්‍රිකට් ප්‍රවීණයන්ගේ මහත් විමතියටත්, කළකිරීමටත් හේතු වී තිබේ.
“මේ කාරණාවේදී ක්‍රීඩා ඇමතිවයරයා එක්ක ළඟින්ම කටයුතු කළේ හිටපු ශ්‍රී ලංකා නායකයෙක්. එයා අපට කිව්වේ කිසි ප්‍රශ්නයක් නෑ මේ පෙත්සම අභියාචනාධිකරණයට දාන්න. මොකද ඇමතිතුමා ඉන්නෙත් අපි ඉන්න මතයේ මයි කියලා”
“අපි විශ්වාස කළේ ඔහුගේ වචනයයි. ඒත් දැන් වෙලා තියෙන දේ බැලුවාම අපට පෙනෙන්නේ එක්කෝ හිටපු ක්‍රිකට් නායකයා අපට බොරු කිව්වා. එහෙම නැත්නම් ක්‍රීඩා ඇමතිවරයා, එයා ළඟින්ම ඉන්න හිටපු නායකයාව මුළා කළා කියන එකයි” යයි පෙත්සම්කරුවන් 12 දෙනාගෙන් අයෙක් ලංකාදීපයට පැවසීය.
2021 වසරේ ක්‍රිකට් නිලවරණයට පෙර ඇතිවූ ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත, 2021 අප්‍රේල් 2 වැනිදා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කළමණාකරණ මණ්ඩලයක් පත්කිරීමටද ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතාට සිදුවිය. ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය, සුජීව ලියනගේ, උචිත වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.
පසුව මැයි මස 20 වැනිදා පැවැති නිලවරණයේදී සභාපතිවරයා වශයෙන් ශම්මි සිල්වා මහතාද, ලේකම්වරයා වශයෙන් මොහාන් ද සිල්වා මහතාද තේරී පත්වූහ.
ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගිය ක්‍රිකට් ප්‍රවීණයෝ
සිදත් වෙත්තමුණි, මයිකල් තිසේරා, මුත්තයියා මුරලිදරන්, ආනා පුංචිහේවා, රියන්සි විජේතිලක, එස්. ස්කන්ධකුමාර්, විජය මලලසේකර, කුෂිල් ගුණසේකර, ආචාර්ය පාලිත කොහොන, තිලාන් විජේසිංහ, විශ්‍රාමික විනිසුරු සලීම් මර්සූෆ් සහ ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් යන මහත්වරු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.