Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළමු ඉනිමේදී ලකුණු 164 ක වාසියක් ලබාගත් ශී‍්‍ර ලංකා ‘ඒ’ කී‍්‍රඩකයෝ රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (25 වැනිදා) සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 4 කට ලකුණු 275 ක් ලබාගනිමින් තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 440 ක් ලබාගන්නා ලෙස නවසීලන්ත ‘ඒ’ පිලට අභියෝග කළේය.
සිය දෙවැනි ඉනිම සඳහා ඕවර 5 කට පමණක් මුහුණ දුන් නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම ඊයේ සවස තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 15 ක් ලබා සිටියේය.
දෙවැනි ඉනිම අත්හිටුවීම ප‍්‍රමාද කරමින් අද දිනයේ තේ පානයෙන් පසුවත් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා ‘ඒ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා සහ කිත්රුවන් විතානගේ සමත් වූහ.
දෙවැනි ඉනිම අත්හිටුවීම ප‍්‍රමාද වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද සවස පැවැති තත්ත්වය අනුව විවේක දෙකක් අතර තරගය පැවැත්වෙන පැය දෙකක කාලයේදී ලකුණු 140 ක් ලබාගැනීම අපහසු නොවන බවත්, ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවන්ද දෙවතාවක්ම එලෙස ලකුණු ලබාගත් බවත්ය.
”කී‍්‍රඩාංගණයේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවදානමක් ගන්න අපි සූදානම් වුණේ නෑ. ඒ නිසා තමයි ඔවුන්ට අද ඕවර කිහිපයක් දීලා හෙට දවසේ ලකුණු 430 කට විතර යන්න ඉලක්කයක් දුන්නේ” යයිද කළුවිතාරණ මහතා පැවසීය.
ලූක් රොන්ච්ගේ ශතකයත් (134) ටොට් ලේතම්ගේ (77) පිතිහරඹයත් නිසා කිසිදු අපහසුතාවකින් තොරවම පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අපහසුතාවෙන් මිදුණු නවසීලන්ත ‘ඒ‘ කී‍්‍රඩකයෝ දිවා ආහාරයට පෙර සිය මුල් ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 391 ක් ලබාගත්හ. වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප් ප‍්‍රනාන්දුගේ (101/4) පන්දු යැවීම හේතුවෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ලකුණු 164 ක මුල් ඉනිමේ වාසියක් හිමිවිය.
දිවා ආහාරයෙන් පසුව දෙවැනි ඉනිම සඳහා පිතිහරඹයට වන් දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා දෙදෙනාගෙන් ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කුසල් ජනිත් පන්දු 40 කදී ලකුණු 55 ක් ලබාගත්තේ හතරේ පහර 12 ක් ඊට ඇතුළත් කරමිනි. කුසල් සහ දිමුත් කරුණාරත්න දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකණු 81 න් 55 ක් කුසල් සතුවෙද්දී ඒ සඳහා දිමුත් කරුණාරත්නගේ දායකත්වය ලකුණු 24 ක් විය.
ලකුණු 224 කට කඩුලූ 4 ක් දැවී තිබියදී තුන්වැනි දිනයේ කී‍්‍රඩාව ආරම්භ කළ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමේ අරම්භක පිතිකරුවා වූ ටොම් ලේතම් ලකුණු 77 කට දැවී ගියේ නුවන් ප‍්‍රදීප් ප‍්‍රනාන්දු විසින් අද දිනයේ යවන ලද දෙවැනි පන්දුව කඩුල්ල තුළට ඇද ගැනීමෙනි. එතැන් සිට ලකුණු 131 ක් තුළදී ඉතිරි කඩුලූ 5 දවාගත හැකිවූයේ නම් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීම සඳහා පිටියට යැවීමෙන් නවසීලන්ත ‘ඒ’ පිල පීඩනයට ලක්කළ හැකිව තිබුණද ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ වේග පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන් ලූක් රොන්ච් සහ පසුපෙළ පිතිකරුවෝ කිසිදු අසීරුතාවකින් තොරව ලකුණු 355 කඩයිම පසුකළහ.
අපේක්‍ෂිත ඉලක්කයට ලගා විමෙන් අනතුරුව, දිවා ආහාරයට පන්දු 5 ක් ඉතිරිව තිබියදී, නුවන් ප‍්‍රදීප්ගේ පන්දුවක් ඉහළට යොමුකළ ලූක් රොන්ච් ලකුණු 134 කට දැවී ගිය හෙයින් දිවා ආහාරයට පෙර අතිරේක කාලයක් ලැබිණ. හරියටම පැය තුනක කාලයක් හෙවත් විනාඩි 180 ක් පිටියේ රැඳුනු ලූක් රොන්ච්, පන්දු 137 කට මුහුණ දෙමින් ඒවායින් 17 ක් හතරේ සීමාවෙන් එපිටට යැවූයේ ඉන් දෙකක් හයේ පහර දෙකක් බවටත් පත්කරමිනි.
(ඡයාරූප: ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.