Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටිම් සවුතිගේ (33/7) අති විශිෂ්ට පන්දු යැවීමට, බ්‍රෙන්ඩන් මැකලම්ගේ වේගවත් අර්ධ ශතකය මුසුවීමෙන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 9 වැනි තරගය ලෙස සත්කාරක නවසීලන්තය සහ එංගලන්තය අතර වෙලින්ටන්හිදී අද (20) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් (දිවා/රාත‍්‍රී) නවසීලන්ත පිල කඩුලූ 8 ක පහසු ජයක් ලැබීය.
නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 124 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 12.2 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
බ්‍රෙන්ඩන් මැකලම් මෙහිදී පන්දු 18 කදී අර්ධ ශතකය සම්පූර්ණ කරමින් ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළේය. මෙම අර්ධ ශතකය ලෝක එක්දින ක‍්‍රිකට් පිටියේ තෙවැනි වේගවත්ම අර්ධ ශතකය ද වේ.
ඒ. බී. ඩිවිලියස් (16) සහ සනත් ජයසූරිය (17) වේගවත්ම අර්ධ ශතක ලාභීන් අතර පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගෙන සිටිති.
බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 25 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 7 ක් සමගින් ලකුණු 77 ක් ලබා දැවී ගියේය.
දකුණතින් වේග පන්දු යවන ටිම් සවුති ලකුණු 33 කට කඩුලූ 7 ක් දවා ගනිමින් ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී තෙවැනි දක්‍ෂතම පන්දු යැවීම වාර්තා කළේය. ලෝක කුසලාන තරගයකදී කඩුලූ 7 ක් දවාගත් සිවුවැනි ක‍්‍රීඩකයා බවට ද ටිම් සවුති පත්විය.
ටිම් සවුති ඕවර 9 කදී කඩුලූ 7 දවාගත් අතර ඔහුට අවසන් කඩුල්ල දවා ගැනීමට හැකි වූයේ නම් ලෝක කුසලාන තරගාවලියකදී ඉනිමකදී කඩුලූ 8 ක් දවාගත් පළමු ක‍්‍රීඩකයා වීමේ අවස්ථාව තිබුණි.
හිටපු ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නන් වන ග්ලේන් මැග‍්‍රාත් (15/7) සහ ඇන්ඩි බිචෙල් (20/7) 2003 ලෝක කුසලාන තරගාවලියේදී දක්‍ෂතම පන්දු යැවීම් දෙක වාර්තා කර තිබේ.
ටිම් සවුති ක‍්‍රියාත්මක වෙමින් පන්දු 15 ක් තුළදී ජේම්ස් ටේලර් (0), ජෝස් බට්ලර් (03) සහ ක‍්‍රිස් වෝක්ස් (01) දවා ගනිමින් ලකුණු 110 කට කඩුලූ 7 ක් බවට පත් කළේය. ඉන් නොනැවතුණු ටිම් සවුති ලකුණක් තුළ ස්ටුවට් බ්‍රෝඞ් (04) සහ ස්ටීව් ෆින් (0) පිටියෙන් ඉවත් කරමින් එංගලන්ත ඉනිමේ විනාශකරු බවට පත්විය.
මෙම පන්දු යැවීම ටිම් සවුත්ගේ එක්දින දිවියේ දක්‍ෂතම පන්දු යැවීම ද වන අතර ලකුණු 33 කට කඩුලූ 5 ක් දවා ගැනීම මීට පෙර දක්‍ෂතම පන්දු යැවීම බවට පත්ව තිබුණි.
ජෝ රූට් පන්දු 70 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 46 ක් ලබා අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය.
මුඵ ලකුණු සංඛ්‍යාව 57 ක්ව තිබියදී ගැරි බැලන්ස් (10) තෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග එංගලන්ත ලකුණු වේගය අඩාල විය.
ආරම්භක පිතිරුවන් වූ ඉයන් බෙල් (08) සහ මුයින් අලී (20) ලකුණු 36 ක් තුළ ටිම් සවුතිගේ පන්දු කෙළන්ම කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත් වූහ.
එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
එංගලන්ත පිල ඕවර 33.2 කදී සියලූ දෙනා දැවී 123
(මුයින් අලී 20, ජෝ රූට් 46, ඔයින් මෝගන් 17, ටිම් සවුති 33/7)
නවසීලන්ත පිල ඕවර 12.2 කදී කඩුලූ 2 ට 125
(බ්‍රෙන්ඩන් මැකලම් 77, මාටින් ගප්ටිල් 22, ක‍්‍රිස් වෝක්ස් 8/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.