Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය තවමත් ජයග්‍රහණයේ සිහිනයක
වෙලිංටන් ටෙස්ට් තරගය

නවසීලන්තය තවමත් ජයග්‍රහණයේ සිහිනයක

editorial - 2023 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවමානයට මුහුණ දුන් නමුත් වෙලිංටන් ටෙස්ට් තරගය ජයගැනීම ගැනත් නවසීලන්ත පිතිකරුවෝ සිහින දකිමින් සිටිති. එහෙත් එය පමණට වඩා සුබවාදී සිහිනයක් විය හැකිව තිබේ. එංගලන්තය හමුවේ ලකුණු 209 කට දැවී යාම හේතුවෙන් ලකුණු 226 ක මුල් ඉනිමේ අවාසියකට මුහුණ දුන් නවසීලන්ත කණ්ඩායමට පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමට සිදුවිය. එසේ වුවත්  නවසීලන්ත පිතිකරුවන්, තරගයේ තුන්වැනි දිනය වූ අද (26 වැනිදා) දිනය නිමා කළේ කඩුලු 3 කට ලකුණු 202 ක් ලබා සිටිමිනි.

වෙලිංටන්හි, බේසින් රිසව් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී, එංගලන්ත පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමට නම් නවසීලන්තය තවත් ලකුණු 24 ක් ලබාගත යුතුවන අතර එය අසීරු කාරියක් නොවේ. වඩාත් අසීරු කාර්යය වන්නේ දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වාසියට අඩුවෙන් එංගලන්ත පිලේ සිටින දඩබ්බර පිතිකරුවන් දවාගැනීමයි.
නවසීලන්තයේ බලා පොරොත්තුව, තමන් අත දැනට ඇති කඩුලු 7 ප්‍රයෝජනයට ගනිමින් තවත් ලකුණු 275 ක් හෝ 300 ක් ලබාගැනීමයි.

හිටපු නායක කේන් විලියම්සන් (නොදැවී 25) සහ හෙන්රි නිකොල්ස් (නොදැවී 18), සිව්වැනි දිනයේ සිට, නවසීලන්තය වෙනුවෙන් සටන ඉදිරියට ගෙන යාමේ අභියෝගය බාරගෙන සිටිති. නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවා වීමේ වාර්තාව (7683) අත්පත් කරගැනීම සඳහා කේන් විලියම්සන්ට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 04 කි.

“අපි ඇත්තටම දන්නවා ඒ වෙනුවෙන් තවත් බොහෝ වැඩ කොටසක් කරන්න තියෙනවා කියලා. ඒත් ඒක ලකුණු 200 ක හෝ 250 ක ඉලක්කයක් වුණොත්, එතැනින් එහාට මොනවා වෙයිද කියන්න කාටවත් බෑ”

“දැනට අපට පෙනෙන එකම දේ තමයි පන්දුව ඉතාමත් හොඳින් දඟ කැවෙනවා කියන එක” යයි ටොම් ලෙතම් තරගයෙන් පසුව පැවසීය.

වසර 146 ක ටෙස්ට් ඉතිහාසයේදී, පිට පිටම දෙවැනි වර පන්දුවට පහර දීමෙන් පසුව ටෙස්ට් තරගයක් ජයගෙන ඇත්තේ ඇත්තේ එංගලන්තය (දෙවතාවක්) සහ ඉන්දියාව පමණි.
ආරම්භක පිතිකරුවන් වූ ටොම් ලෙතම් (83) සහ ඩෙවොන් කොන්වේ (61) දෙදෙනාගේ ලකුණු 149 ක සම්බන්ධතාව හේතුවෙන් නවසීලන්තයට කිසියම් ආකාරයක සැනසීමක් ලැබිණ. එහෙත් විනාඩි 17 ක් ඇතුළත ඒ සැනසීම නිමා වූයේ ලකුණු 06 ක් ඇතුළත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගිය බැවිනි. එවර එංගලන්තය වෙනුවෙන් ඉදිරිපත් වූ ජෝ රූට් සහ ජැක් ලීච් දෙදෙනා නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාටම වගකියූහ.
 
නවසීලන්ත දෙවැනි ඉනිමේදී වරෙක කිසිවකු නොදැවී ලකුණු 149 ක් ලෙසින් සටහන්ව තිබූ ලකුණු පුවරුව, ඕවර 9 ක් ඇතුළත කඩුලු 3 ට 167 ක් ලෙසින් වෙනස් විය.


එංගලන්තය - පළමු ඉනිම කඩුලු 8 ට 435 යි
(ජෝ රූට් නොදැවී 153, හැරී බෲක් 186, බෙන් ස්ටෝක්ස් 27, ස්ටුවර්ට් බ්‍රෝඩ් 14, ඔලී රොබින්සන් 18, මැතිව් හෙන්රි 100/4, මයිකල් බ්‍රේස්වෙල් 54/2)

නවසීලන්තය  - පළමු ඉනිම 209 යි
(ටොම් ලෙතම් 35, හෙන්රි නිකොල්ස් 30, ඩැරිල් මිචෙල් 13, ටොම් බ්ලන්ඩල් 38, ටිම් සවුතී 73, ජේම්ස් ඇන්ඩසන් 37/3, ජැක් ලීච් 80/3, ස්ටුවර්ට් බ්‍රෝඩ් 61/4)

නවසීලන්තය - දෙවැනි ඉනිම කඩුලු 3 ට 202 යි
(ටොම් ලෙතම් 83, ඩෙවොන් කොන්වේ 61, කේන් විලියම්සන් නොදැවී 25, හෙන්රි නිකොල්ස් නොදැවී 18, ජැක් ලීච් 59/2)

- 213


අදහස් (0)

නවසීලන්තය තවමත් ජයග්‍රහණයේ සිහිනයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.