Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැතකදී ලොව වේගවත්ම එක්දින ශතක වාර්තාව අලූත් කළ කෝරි ඇන්ඩසන්ගේ තුන් ඉරියව් දස්කම් නිසා ඉන්දියව සමග නවසීලන්තයේ සෙඞ්න් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ඩක්වත් ලූවිස් ක‍්‍රමයට අනුව ලකුණු 15 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්තය අද (22 වැනිදා) සමත්විය.
ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භයේදීම තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත පිල සමත්ව සිටී.
වර්ෂාව නිසා ඕවර 42 කට සීමාවූ මෙම තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 293 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 41.3 ක් අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 277 ක් පමණි.
නවසීලන්ත වේගපන්දු යවන කී‍්‍රඩක ටිම් සවුති ඉන්දීය පළමු කඩුලූ 3 ද සමගින් ලකුණු 72 කට කඩුලූ 4 ක් දවාගනිමන් ඔවුන් එම ඉලක්කය හඹායෑමට ගත් උත්සහය ව්‍යර්ථ කර දැමුවේය. ඔහුට අනගි සහයක් දුන් කෝරි ඇන්ඩසන් ලකුණු 67 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්විය.
එහිදී ඉන්දීය පිලේ උප නායක විරාට් කෝලි පන්දු 65 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 78 ක් රැස්කළ අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් අජින්ක්‍යා රහනේ (36) සමග පන්දු 70 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩ නඟමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට මනා අඩිතාලමක් දැමුවේය.
එහෙත් නායක එම්. එස්. දෝනි (56) සහ සුරේෂ් රයිනා (35) එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 39 කදී ගොඩ නැඟූ ලකුණු 66 ක සම්බන්ධතාව බිඳ වැටීමත් සමග තරගය ජයගැනීමට තිබූ අවස්ථාව ඔවුන් අතින් ගිලිහී ගියේය. ලකුණු 18 ක් තුළ දෝනි ඇතුලූ ඉන්දීය කණ්ඩායමේ අවසන් පිතිකරුවන් සිව් දෙනකුම දැවීයාමද මෙම පරාජයට බොහෝ සෙයින් බලපෑවේය.
කාසියේ වාසිය දිනු ඉන්දීය පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල නියමිත ඕවර 42 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 271 ක් රැසකළේය. එහිදි කේන් විලියම්සන් සහ මාටින් ගප්ටිල් (44) එක්ව පන්දු 93 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
පෙර තරගයේදී ලකුණු 71 ක් රැස්කරමින් දස්කම් දැක්වූ කේන් විලියම්සන් මෙම තරගයේදීද පන්දු 87 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 77 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.
පස්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි කෝරි ඇන්ඩසන් පන්දු 17 කදී ලකුණු 44 ක් රැස්කරමින් නවසීලන්ත පිලේ ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමූ අතර එම වේගවත් ඉනිම ඔහු හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින් වර්ණවත් කළේය.
මොහොමඞ් සාමි ලකුණු 55 කට කඩුලූ 3 ක් දවාගනිමින් ඉන්දීය පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
නවසීලන්ත පිල ඕවර 42 කදී කඩුලූ 7 කට 271
(මාටින් ගප්ටිල් 44, ජෙසී රයිඩර් 20, කේන් විලියම්සන් 77, රොස් ටේලර් 57, කෝරි ඇන්ඩසන් 44, ලූක් රොන්චි 18, මොහොමඞ් සාමි 55/3)
ඉන්දීය පිල ඕවර 41.3 කදී කඩුලූ 9 කට 277
(රෝහිත් ශර්මා 20, විරාට් කෝලි 78, අජින්ක්‍යා රහනේ 36, එම්. එස්. දෝනි 56, සුරේෂ් රයිනා 35, ටිම් සවුති 72/4, කෝරි ඇන්ඩසන් 67/3)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.