Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සබීනා උද්‍යානයේදී පැවති දෙවන විස්සයි20 ජාත්‍යන්තර තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 90 කින් පරාජය කළ නවසීලන්ත ක්‍රීඩකයෝ තරඟ තුනකින් සමන්විත තරඟාවලිය 2-0 ක් ලෙසින් කල්වේලා ඇතිවම ජයග්‍රහණය කළහ. තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය හෙට (14 වැනිදා) ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවරදී පැවැත්වේ.
දෙවතාවක්ම විස්සයි-20 ලෝක කුසලාන දිනා ඇති නමුත් පසුගිය මාස 12 ඇතුළතදී දෙවතාවක්ම පසුබැසීමට කොදෙව්වන්ට සිදුවිය.
නවසීලන්ත පිතිකරුවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 5 කට ලකුණු 215ක් රැස් කළේ ඕවරයකදී ලකුණු 10 කට වැඩි වේගයක් රඳවා ගනිමිනි. පසුව ඔවුන් කොදෙව් කණ්ඩායම ලකුණු 125 කට සීමා කළේ කොදෙව්වන් අවසන් තරග හතේදී ලබාගත් හයවැනි පරාජයත් උරුම කර දෙමිනි.
කාසියේ වාසිය දිනාගත් කේන් විලියම්ස් කිසිම පැකිළීමකින් තොරව පන්දුවට පහර දීම තෝරාගත්තේය. ග්ලෙන් ෆිලිප්ස් පන්දු 41 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 76 ක් රැස්කරමින් නවසීලන්ත පිල වෙනුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් තම කණ්ඩායම ලකුණු 200 කඩයිමෙන් ඔබ්බට ගෙන ගියේය.
ඩෙවොන් කොන්වේ (42) සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක් එක්කල පිලිප්ස්, ඉන් අනතුරුව ඩැරිල් මිචෙල් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 ක සබඳතාවක් ගොඩනැංවීය. කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ජැමෙයිකානු තලවාස් කණ්ඩයම වෙනුවෙන් ක්‍රීඩා කරන ග්ලෙන් පිලිප්ස්ට සබීනා පාර්ක් පිටිය අලුත් තැනක් නොවේ.
පිලිප්ස් කීවේ තරගයේ මුල් කොටසේදී හොඳින් පන්දු යැවූ කොදෙව් පන්දු යවන්නන්ට එහි ගෞරවය හිමිවිය යුතු බවයි.
“කොහොම වුණත් අපි අවසානයේදී අපේ සැලසුම් සියල්ලම නිසි පරිදි ක්‍රියාත්මක කළා” යයිද පිලිප්ස් පැවසීය.
ලකුණු 216 ක් හඹායාම කොදෙව්වන්ට සිහිනයක්ම විය. තම මව්බිමේදීම ඔව්හු දඟ පන්දු හමුවේ අසරණ වූහ. වමතින් දඟ පන්දු යවන්නා වනමිචෙල් සැන්ට්නර් සහ මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 15කට කඩුලු 3ක් බැගින් ලබා ගත්හ.
කොදෙව් පිතිකරුවෝ හත් දෙනකුම දඟ පන්දු යවන්නන් හමුවේ දැවී ගියහ. පසුගිය ඉරිදා (අගෝස්තු 07) ඉන්දීය පිල හමුවේ සිය කඩුලු 10 ම දඟ පන්දු යවන්නන්ට පූජා කළ කොදෙව්වෝ එදා වාර්තාවක් පිහිටවූයේ විස්සයි-20 ක්‍රිකට් ඉතිහාසයේදී දඟ පන්දු යවන්නන් හමුවේ කඩුලු 10 ක් අහිමි කරගත් පළමු කණ්ඩායම වෙමිනි.
කොදෙව් ඉනිමේ 17 වැනි ඕවරය ආරම්භ වන විටත් කඩුලු 7 කට ලකුණු 87 ක් පමණක් ලබා සිටි කොදෙව් පිල දැවැන්ත පරාජයකට මුහුණ දී සිටියේය. එහෙත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 38 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ හේඩ්න් වොල්ෂ් (නොදැවී 10) සහ ඔබේ මැකෝයි (නොදැවී 23) කොදෙව් පිල ලකුණු 100 සීමාවෙන් එපිටට පන්නා ගත්හ.
“මේක අපි කණ්ඩායමක් විදියට එකට ඉන්න ඕන වෙලාවක්. මේ තත්ත්වයට මුහුණ දෙන්න කොල්ලන්ට ලේසි වෙන එකක් නෑ” යයි දිගින් දිගටම පරාජය වීම සම්බන්ධයෙන් කොදෙව් නායක නිකලස් පූරන් පැවසීය.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 5 ට 215 යි
(මාටින් ගප්ටිල් 20, ඩෙවොන් කොන්වේ 42, ග්ලෙන් පිලිප්ස් 76, ඩැරිල් මිචෙල් 48, ඔබේ මැකෝයි 40/3)
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 9 ට 125 යි
(ෂිම්රන් හෙට්මියර් 14, ජේසන් හෝල්ඩර් 11, රොමන් පවෙල් 21, රොමාරියෝ ෂෙපර්ඩ් 18, හේඩ්න් වොල්ෂ් නොදැවී 10, ඔබේ මැකෝයි නොදැවී 23, මිචෙල් සෑන්ට්නර් 15/3, මයිකල් බ්‍රේස්වෙල් 15/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.