Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තයෙන් පළපුරුදු 30 දෙනෙක්

නවසීලන්තයෙන් පළපුරුදු 30 දෙනෙක්

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කරන ලද කී‍්‍රඩකයන් 30 දෙනකුගෙන් සමන්විත නවසීලන්ත සංචිතයට ජෙසී රයිඩර් ඇතුළත් නොකිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. පෞද්ගලික හේතුවක් මත නවසීලන්ත ‘ඒ’ කාණ්ඩායම නියෝජනය කිරීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව රයිඩර්ට ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීමට තිබූ අවස්ථාව අල්ප විය.

ජෙසී රයිඩර්, මේ වසරේ ජනවාරි මාසයෙන් පසුව නවසීලන්ත කණ්ඩායම නියෝජනය කර නැති මුත් එංගලන්තයේ එසෙක්ස් ප‍්‍රාන්තය නියෝජනය කරමින් තුන් ඉරියව් දස්කම් දක්වා තිබේ.

මෙම සංචිතයට ඇතුළත්ව සිටින සියලූම කී‍්‍රඩකයන් නවසීලන්තය වෙනුවෙන් එක්දින වරම් දිනාඇති කී‍්‍රඩකයෝ වෙති.

වමතින් ද`ග පන්දු යවන කී‍්‍රඩක ඩැනියෙල් විටෝරි කණ්ඩායමේ පළපුරුදුම කී‍්‍රඩකයාය. හිටපු නායකයකුද වන 35 හැවිරිදි විටෝරි මේ වන විට එක්දින තරග 278 කදී කඩුලූ 286 ක් දවාගෙන තිබේ.

ආරම්භක පිතිකරුවෝ
මාටින් ගප්ටිල්, ඇන්ටන් ඩෙව්සිච්, ටොම් ලේතම්, හමීෂ් රදර්ෆෝඞ්, සහ රොබ් නිකොල්

මැද පෙළ පිතිකරුවෝ
බ්‍රෙන්ඩන් මැකලම්, රොස් ටේලර්, කේන් විලියම්සන්, නීල් බෘම්, ඬේන් බ‍්‍රවුන්ලී සහ කොලින් මුන්රෝ

කඩුලූ රකින්නෝ
ලූක් රොන්චි සහ බෙන් වොට්ලින්

තුන් ඉරියව් කී‍්‍රඩකයෝ
කෝරි ඇන්ඩසන්, ජෙම්ස් නීෂම්, ඩැනියෙල් විටෝරි, කොලින් ඩි ග‍්‍රෑන්ඞ්හෝම්, ඇන්ඩෘ එලියස්, ජෙම්ස් ෆ‍්‍රෑන්ක්ලින් සහ ග‍්‍රාන්ට් එලියට්

දඟ පන්දු යවන්නෝ
රොනි හීරා, නේදන් මැකලම්

වේග පන්දු යවන්නෝ
හමීෂ් බෙනට්, ටෙ‍්‍රන්ට් බෝල්ට්, ඩග් බ්‍රෙස්වෙල්, මැතිව් හෙන්රි, මිචෙල් මැක්ලෙනගන්, කයිල් මිල්ස්, ඇඩම් මිලන් සහ ටිම් සවුති

-036

 


අදහස් (0)

නවසීලන්තයෙන් පළපුරුදු 30 දෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.