Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 21 වැනි සතිය නිමාවන විට ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සහ මීගමුව මාරිස්ටෙලා විදුහලේ පසිඳු උස්හෙට්ටි අතර සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පළමු ස්ථානය සඳහා පවතින තරගය තවත් උත්සන්න වී තිබේ.
මේ වන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පළමු ස්ථානයේ රැදී සිටින නවෝද් පරණවිතාන, ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 7832 ත් සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 24,916 ක් දක්වා ඉහළ නංවාගෙන තිබේ. එහි දෙවැනි ස්ථානයේ පසුවන පසිඳු උස්හෙට්ටි ඡන්ද 22,327 ක් ලබා සිටින්නේ ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 6296 ත් සමගිනි. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පවතින පරතරය ඡන්ද 2589 කි.
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ මුයිස් රෆීල්, ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද ගොන්නට තවත් ඡන්ද 871 ක් එක්කර ගැනීමට සමත්ව ඇති අතර මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 6040 කි.
කොළඹ නාලන්දා විදුහලේ සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ලක්ෂිත රසාංජන සහ සුඛිත මනෝජ් ඡන්ද 4452 ක් සහ 3494 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.
නැගී එන කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලේ ලිතිජ කල්හාර ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 10,846 සිට 13,177 ක් දක්වා ඉහළ දමාගෙන ඇත. ඔහුට වඩා ඡන්ද 4301 ක් පසුපසින් සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් ඡන්ද 8876 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.
මේ වන විට බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින රත්ගම දේවපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී ඡන්ද 4102 ක් ලබා සිටින අතර එම විදුහලේම ක්‍රීඩිකාවක් වන කවීෂා දිල්හාරි ඡන්ද 1352 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පළමු ස්ථානය සඳහා පවතින පරතර ඡන්ද 2750 කි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ
1 සඳුන් ලක්ෂාන් කීර්ති, යක්ගල, වලහන්දූව, ගාල්ල
2 ප්‍රදීප් මාරසිංහ, 29, දියගේවත්ත, උයන්වත්ත, මාතර
3 විහඟි කාවින්ද්‍යා, 72/19, සිරි දෙරණ වත්ත, පෙතියාගොඩ, ගම්පහ
4 යූස්ටස් ප්‍රනාන්දු, 308බී, ජුබිලි පාර, කටුනායක
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.