Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දාව එක්දින තරගය ජයගනී

නාලන්දාව එක්දින තරගය ජයගනී

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන සීමිත ඕවර තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 16 ක ජයක් ලැබීමට සමත් නාලන්දා විදුහල් ක්‍රීඩකයෝ වූහ. මෙම තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති  අතර ජයග්‍රාහකයන්ට ‘පී. ද. එස්. කුලරත්න’ අභියෝග කුසලාන පිරිනැමිණ.

නාලන්දා විදුහල 2016 වසරේ සිට පිට පිටම මෙම සීමිත ඕවර තරගය ජය ලැබූ තෙවැනි වසර මෙයයි. නාලන්දා විදුහල වාර්ෂික එක්දින තරගය ජය ලැබූ 18 වැනි වසර ද වේ. ආනන්ද විදුහල තරග 26 ක් ජය ලබා තිබේ.  
 
අද පස්වරු 4.50 ට පමණ වාර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට ලකුණු 198 ක ඉලක්කය හඹායමින් සිටි නාලන්දා විදුහල් පිල ඕවර 33.1 කදී කඩුලු පහක් දැවී ලකුණු 141 ක් රැස්කර සිටියේය. ජයෝද් කල්දේරා අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දු 84 කදී හතරේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 38 ක් රැස්කර සිටියේය.

සුදීප අගුළුගහ ලකුණු 28 කට කඩුලු පහක් දවාගනිමින් නාලන්දා විදුහල පිල සසළ කිරීමට සමත් විය. කළන විජේසිරි පන්දු 52 කින් හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමගින් ලකුණු 46 ක් රැස්කරමින් ආනන්ද විදුහල් පිලේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය.

නදීෂ කරුණාරත්න වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 40 කදී හතරේ පහර හතරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස්කිරීමට සමත් විය.  

කළන විජේසිරි (46) සහ නදීෂ කරුණාරත්න (43) අට වැනි කඩුල්ලට ලකුණු 75 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 197 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ.


ආනන්ද විදුහල ඕවර 48 කදී සියලු දෙනා දැවී 197
(අදීෂ පෙරේරා 22, දමින්ද රිෂාන් 23,  කළන විජේසිරි 46, නදීෂ කරුණාරත්න 43, චාමික ගුණසේකර නොදැවී 15, දිනෙත් සමරවීර 25/2, ලක්‍ෂිත රසාංජන 53/3, රවීන් ද සිල්වා 50/4)

නාලන්දා විදුහල ඕවර 33.1 කදී කඩුලු 5 ට 141
(අවිෂ්ක පෙරේරා 26, ජයෝද් කල්දේරා නොදැවී 38, චමිඳු විජේසිංහ 29, රවීන් ද සිල්වා නොදැවී 12, සුදීප අගුළුගහ 28/5)  

 


අදහස් (0)

නාලන්දාව එක්දින තරගය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.