Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට යාන් ෆ්‍රයිලින්ක් (43) බලවත් උත්සාහයක් ගත් නමුත්, නෙදර්න්ත පන්දු යවන්නන් හමුවේ නියමිත ඕවර 20 නිමාවන විට, නැමීබියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 121 කි. ගීලෝන්ග් හිදී අද (18 වැනිදා) පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පළමුවෙන් පිතිහරඹය තෝරාගත් නමුත් නැමීබියානුවන්ට සිතූ දේ කළ නොහැකි විය.
ලකුණු 121 ක් යනු විස්සයි-20 තරගයකදී ඉතාමත් දුර්වල ලකුණු සංඛ්‍යාවකි.
නැමීබියානු පිතිකරුවන් අන්ද මන්ද කළ ෆ්‍රෙඞ් ක්ලාසන්, ටිම් ප්‍රින්ගල්, බස් ඩි‘ලීඩි සහ කොලින් ඇකර්මන් සිව් දෙනා විසින් යවන ලද ඕවර 12 ලකුණු 65 කට සීමාකර ගත්හ. පන්දු 48 කට මුහුණ දෙමින් ලකුණු 43 ක් ලබාගත් යාන් ෆ්‍රයිලින්ක්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහරක් සහ හයේ පහරක් පමණි.
ලෝක කුසලාන තරගාවලියේදී තමන් සහාගි වූ මුල්ම තරග දෙකම ජයගැනීම නිසා උද්දාමයට පත්ව සිටින නැමීබියාව (ශ්‍රී ලංකාවට එරෙහිව) මෙන්ම නෙදර්ලන්තය (එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව) අද තරගයේදී උත්සාහ කරන්නේ තම තමන් කලින්ම ලබාගත් වාසිය ඉදිරියට ගෙන යාමයි. එබැවින් මෙම තරගයේදී ජයගන්නා කණ්ඩායම කුමක් වුවත්, එය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ 12 දෙනාගේ වටයට පිවිසීම සඳහා ඔවුන්ට විශාල ආධාරකයක් වනු නිසැකය.
නැමීබියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 121 යි
(මයිකල් වැන්ලින්ගන් 20, ස්ටීවන් බාඞ් 19, යාන් ෆ්‍රයිලින්ක් 43, ගර්හාඞ් එරැස්මස් 16, ඬේවිඞ් වීස් නොදැවී 11, බස් ඩී‘ලීඩි 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.