Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිල් මහ සට‍නේ ජය සාන්ත තෝමසුවන්ට
මහ ක්‍රිකට් තරග

නිල් මහ සට‍නේ ජය සාන්ත තෝමසුවන්ට

editorial - 2025 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ‘ඩී.එස්. සේනානායක’ අනුමස්රණ පළිහ වෙනුවෙන් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 146 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ ජය තමන් සතුකර ගැනීමට සාන්ත තෝමසුවෝ සෙනසුරාදා (8 වැනිදා) සමත් වූහ. සාන්ත තෝමසුවන් මෙම තරගය ජයගත්තේ පළමු ඉනිම පරාජය වී තිබියදී වීම කැපී පෙණුන සිදුවීමක් විය.

සාන්ත තෝමස් විදුහල නිල් මහ සටන ජයගත් 36 වැනි අවස්ථාව මෙය වූ අතර මෙම ජයත් සමග මෙතෙක් ලබා ඇති ජයග්‍රහණ සංඛ්‍යාව අනුව රාජකීය විදුහල (36) සමග සම වීමටද සාන්ත තෝමස් විදුහලට හැකි විය. සාන්ත තෝමසුවන් මෙවර නිල් මහ සටන ජයගත්තේ වසර 6 කට පසුව වන අතර ‍මින් පෙර අවසන් වරට ඔවුන් ‍එහි ජයග්‍රහණයට හිමිකම් කියා තිබුණේ 2019 වසරේදීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 233 ක ඉලක්කයක් හඹාගිය සාන්ත තෝමසුවෝ කඩුලු 5 ක් දැවී ඉලක්කය සපුරාගත් අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ උප නායක දිනෙත් ගුණවර්ධන (නොදැවී 50) සහ රෙෂාන් සොලමන්ස් (නොදැවී 50) සිය කණ්ඩායමේ  ජයග්‍රහණය තහවුරු කළහ.

එහිදී ඔවුන් දෙදෙනාම තරමක් වේගයෙන් ලකුණු රැස්කළ අතර පන්දු 47 කදී වාර්තා වූ රෙෂාන්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු ජේඩන් අමරවීර හතරේ පහර 8 ක් සමග ලකුණු 48 ක්ද, සදෙව් සොයිසා පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග වේගවත් ලකුණු 52 ක්ද රැස්කරමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.

රාජකීය විදුහල් කණ්ඩායමේ නායක රමිරු පෙරේරා ලකුණු 79 කට කඩුලු 3 ක්ද, රනුක මල්ලවාරච්චි ලකුණු 63 කට කඩුලු 2 ක්ද බිඳහෙළීමට සමත් වුවද, ඔවුන් දෙදෙනාට සාන්ත තෝමසුවන් මෙල්ල කිරීමට හෝ ඔවුන්ගේ ජයග්‍රාහී මාවත අවහිර කිරීමට නොහැකි වූහ.

පළමු ඉනිමේදී ලද ලකුණු 17 ක වාසියත් සමග දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් රාජකීයයෝ, කඩුලු 8 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා සාන්ත තෝමසුවන්ට ලකුණු 233 ක ඉලක්කයක් හඹා යෑම සඳහා ආරාධනා කර සිටියහ. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රමිරු පෙරේරා පන්දු 53 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග වේගවත් ලකුණු 50 ක් රැස්කළේය.

පළමු ඉනිමේදී අගනා ශතයක් ලබාගත් උප නායක රෙහාන් පීරිස් දෙවැනි ඉනිමේදීද හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 53 ක් රැස්කළ අතර පළමු කඩුල්ල වෙනුවෙන් හිරුන් ලියනාරච්චි (37) සමග එක්ව ලකුණු 71 ක සාර්ථක සම්බන්ධතාවක් පිහිටුවීමටද සමත් විය. එහිදී  දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩැරින් ඩියේගෝ ලකුණු 40 කට කඩුලු 5 ක් බිඳහෙළමින් රාජකීය පිතිකරුවන් පීඩනයට පත් කළේය.

 

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 78 කදී කඩුලු 7 ක් දැවී 319
(රෙහාන් පීරිස් 158, විමත් දින්සර 25, තෙවිඳු සේනාරත්න 48, යසිඳු දිනානායක නොදැවී 25, කවිඳු ඩයස් 71/2, ඩැරීන් ඩියේගෝ 43/2)

සාන්ත තෝම්ස් විදුහල් පළමු ඉනිම - ඕවර 103 කදී සියලු දෙනා දැවී 302
(ජේඩ්න් අමරවීර 31, අවිනාෂ් ප්‍රනාන්දු 50, සදෙව් සොයිසා 28, දිනෙත් ගුණවර්ධන 119, රෙෂාන් සොලමන්ස් 17, කවිඳු ඩයස් නොදැවී 37, රමිරු පෙරේරා 58/5, රනුක මලවිආරච්චි 72/3)

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 51 කදී කඩුලු 8 ක් දැවී 215
(රෙහාන් පීරිස් 53, හිරුන් ලියනාරච්චි 37, විමත් දින්සර 35, රමිරු පෙරේරා 50,  යසිඳු දිසානායක 17, ඩැරින් ඩියේගෝ 40/5, දිනෙත් ගුණවර්ධන 51/2)

සාන්ත තෝම්ස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40.5 කදී කඩුලු 5 ක් දැවී 233
(ජේඩ්න් අමරවීර 48, මිතිල චාල්ස් 26, සදෙව් සොයිසා 52, දිනෙත් ගුණවර්ධන නොදැවී 50, රෙෂොන් සෙලමන්ස් නොදැවී 50, රමිරු පෙරේරා 79/3, රනුක මලවිආරච්චි 63/2)


අදහස් (0)

නිල් මහ සට‍නේ ජය සාන්ත තෝමසුවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.