Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිශාන් පීරිස් සංචිතයට එක්වෙයි
ගාල්ල ටෙස්ට් තරගය - 2

නිශාන් පීරිස් සංචිතයට එක්වෙයි

editorial - 2024 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ලේ සිට..)

ශ්‍රී ලංකා සංචිතයේ සිටි වමත් වේග පන්දු යවන්නා වන විශ්ව ප්‍රනාන්දු පුහුණුවීම් කරමින් සිටියදී ඔහුගේ දකුණු පාදයේ කලව මස්පිඬුවේ වේදනාවක් හටගැනීම නිසා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කරනු ලැබ සිටී. විශ්ව වෙනුවට පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ. 

තවමත් 27 හැවිරිදි නිශාන් පීරිස් දකුණත් පිට දඟ පන්දු යවන්නකු වන අතර පළමු පෙළ තරග 41 කදී කඩුලු 172 ක් දවාගෙන තිබේ. ඒවායේදී කඩුල්ලක් දවාගැනීම සඳහා ඔහුගේ සාමාන්‍යය ලකුණු 24.37 කි. 

නවසීලන්තයට එරෙහිව අනිද්දා (26 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිට දඟ පන්දු යවන්නකු කෙරේ අවධානය යොමුකර තිබේ. පළමු ටෙස්ට් තරගයේදී ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස් කඩුලු කිහිපයක් දවාගත් නමුත් අපේක්‍ෂා කළ පරිදි නවසීලන්ත පිතිකරුවන්ට තර්ජනාත්මකව පන්දු නොයැවීම ඊට හේතුවයි. 

“මගේ ලොකු අදහසක් තිබ්බේ නෑ පන්දු යවන්න. රමේෂ් තමයි අපේ ප්‍රධාන පිට දඟ පන්දු යවන්නා. ඒ නිසා මම එයාට අවස්ථාව දීලා බැලුවා...එයා වරින් වර හොඳින් පන්දු යැව්වත් මම බලාපොරොත්තු වුණ විදිහට එයා පන්දු යැව්වේ නෑ. ඒ හින්දා තමයි මට පන්දුව අතට ගන්න වුණේ.” යයි පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව නායක ධනංජය ද සිල්වා පැවසීය. 

එම තරගයේදී ධනංජය ද සිල්වා ඕවර 19 ක් යවමින් කඩුලු 3 ක් දවාගත්තේය. 

විශ්ව ප්‍රනාන්දු එංගලන්තයේ සිටියදීත් මෙම පාදයේ වේදනාව යම් තරමකට තිබුණු නමුත් ඔහු දිගින් දිගටම පුහුණුවීම් කළහොත් හෝ තරග වලට සහභාගි වුවහොත් ඔහුගේ ආබාධය උත්සන්න විය හැකි බව ශ්‍රී ලංකා කළමණාකාරීත්වයේ අදහසයි. එබැවින් දකුණු අප්‍රිකානු සංචාරයට පෙර, නැවතත් යථා තත්ත්වයට පැමිණීම සඳහා විශ්ව ප්‍රනාන්දු උසස් දස්කම් මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ. 

නොවැම්බර් මාසයේදී පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා විශ්ව ප්‍රනාන්දු සූදානම් කර තබාගැනීම කණ්ඩායමේ අපේක්‍ෂාවයි. 

 


අදහස් (0)

නිශාන් පීරිස් සංචිතයට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.