Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බැංගලෝර් නුවරදී හෙට (12 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව පැතුම් නිස්සංකට අහිමි වී තිබේ.
තවමත් ටෙස්ට් තරග 7 කට පමණක් සහභාගි වී සිටින පැතුම් නිස්සංක එම තරග 7 දී ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 494 ක් ලබා ඇත්තේ ඉනිමකදී ලකුණු 44.90 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. මොහාලි නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදීත් නොදැවී ලකුණු 61 ක් ලබාගත් නිස්සංක, මේ වන විට ඉතාමත් හොඳින් ලකුණු අතර සිටින පිතිකරුවෙකි.
නවතම ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ නිස්සංක හෙට තරගයට යොදවාගැනීම සම්බන්ධයෙන් කණ්ඩායමේ වෛද්‍ය නිලධාරීන් අවසන් මොහොත දක්වාම සෙවිල්ලෙන් පසුවන බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු වැනි දිවා/රාත්‍රී ටෙස්ට් තරගය වන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතය.
(ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.