Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සිකුරාදා සිට

නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සිකුරාදා සිට

editorial - 2023 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ නීතිඥ ක්‍රිකට් සංගමය සත්කාරකත්වය දරන නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන සිකුරාදා (29) කොළඹ ක්‍රීඩාංගණ පහකදී ආරම්භ වෙයි. අට වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය, ජනවාරි 06 වැනිදා සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වේ.

තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගි වන අතර කාණ්ඩ දෙකකින් තරගාවලිය පැවැත්වෙයි. තර්ස්ටන් විද්‍යාලය, කටුනායක නිදහස් වෙළෙඳ කලාප, නාවල, පනාගොඩ, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණය, වෙළෙඳ සේවා ක්‍රීඩාංගණය, එන්.සී.සී. සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණ වලදී තරග පැවැත්වෙයි. එක තරගයක් ඕවර 35 කට සීමාවන අතර එක දිනයකදී තරග 5 ක් පැවැත්වේ.

බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව කණ්ඩායම් 2 ක් බැගින් තරගාවලියට ඉදිරිපත් කර ඇති අතර එංගලන්තය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායම අනෙක් කණ්ඩායම් දෙකයි. 

ශ්‍රී ලංකාවේ නීතිඥ ක්‍රිකට් සංගමය මෙම තරගාවලියට සත්කාරකත්වය දරන්නේ දෙවැනි වතාවටය. මීට පෙර පැවැති නීතිඥවරුන්ගේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉන්දියාවේ හයිද්‍රාබාද් (2007), එංගලන්තයේ කේම්බි්‍රජ් (2009), බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි බාබඩෝස් (2011), ඉන්දියාවේ නවදිල්ලිය (2013), ඕස්ට්‍රේලියාවේ බි්‍රස්බේන් (2015/16), කොළඹ (2017) සහ නවසීලන්තයේ හැමිල්ටන් (2019) යන නගර වලදී පවත්වා තිබේ. 

- 213


අදහස් (0)

නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සිකුරාදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.